රැජිණගේ අවමංගල්‍යයට ගිහින් රනිල් තියන වාර්තාව

0
488

දෙවන එලිසබෙත් මහ රැජිණියගේ රාජාභිෂේකයට සහභාගි වූ මවුපියන් දෙදෙනෙකුගේ දරුවන් දෙදෙනෙකුට රැජිණියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගි වීමේ අවස්ථාව උදාකර ගන්නට ලැබී ඇත.

ශ්‍රී ලංකාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහටත්, නෙදර්ලන්තයේ හිටපු රැජිනිය වන බිට්‍රික්ස් කුමරියට ත් මෙම අහඹු අවස්ථාව හිමි වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එලිසබෙත් මහ රැජිණියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට පිටත්ව ගොස් ඇති අතර නෙදර්ලන්ත හිටපු රැජිණිය වන බිට්‍රික්ස් කුමරිය ද රැජිනට අවසන් බුහුමන් දැක්වීමට පැමිණ ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මවුපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී වික්‍රමසිංහ මහත්මිය 1952 පෙබරවාරි මාසයේ පැවති එලිසබෙත් මහ රැජිණියගේ කිරුළ පැළඳීමේ රාජාභිෂේක උත්සවයට අගමැති ඩඩ්ලි සේනානායක සමග සහභාගි වී තිබේ.

බිට්‍රික්ස් කුමරියගේ මවුපියන් ද රාජකීයන් ලෙස රාජාභිෂේකයට සහභාගි වී තිබේ.

ලෝක ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයන් ලෙස මොවුන් ඉතිහාස පොතට එක්වනු ඇත.

මහ රැජිණියගේ රාජාභිෂේකයේදී වූ එවකට අගමැති ඩඩ්ලි සේනානායකට මුහුණපෑමට සිදු වූ සුවිශේෂි සිදුවීමක කතාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා සිය කාර්ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළේ ය.

එය මෙසේ ය.

එවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති ඩොමීනියන් රාජ්‍යයකි. රාජාභිෂේක මංගල්‍යයට ගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් අතරින් ඉන්දීය අගමැති ජවහර්ලාල්නේරුට හා පකිස්තාන රාජ්‍ය නායකයාට තනි තනිව ගමන් කිරීමට අශ්වාරෝහක රථ පිළියෙල කර තිබිණි.

එහෙත්, ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ගමන් කිරීමට වෙන් කර තිබුණේ ටොංගෝ රාජ්‍යයේ අගමැතිනිය සමග ය. මෙය නොරිස්සූ අගමැති ඩඩ්ලි, උස කාන්තාවක් වූ ටෝංගෝ රාජ්‍ය නායිකාව සමග ගමන් කිරීම ප්‍රතික්ෂේප කළේ ය. පසුව මෙම ගැටලුව විසඳීමට මැදිහත් වූවේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ය. ඔහු මැදිහත්ව මේ ප්‍රශ්නය විසඳා ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ද තනිව ගමන් කිරීමට අශ්ව කරත්තයක් වෙන් කරගෙන තිබිණි.