ජනපති බ්‍රිතාන්‍යයට

0
269

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් ඇත.

අද (සැප්.17) අලුයම 3.15ට පමණ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගිය බව අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසීය.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරනු ලබන ප්‍රථම නිල විදේශ සංචාරය මෙය වේ.

බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවය සැප්. 19 වන සඳුදා පැවැත්වීමට නියමිත ය.