රජයේ සේවකයන්ට අනිවාර්ය නිවාඩු දෙන්නේ මෙහෙමයි

0
2282

විදේශ රැකියාවක් හෝ දේශීයව පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක් කිරීම සඳහා රජයේ නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු ලබාදීමේදී ඒ ඒ අමාත්‍යංශවල කාර්ය මණ්ඩල පිළිබඳ අධ්‍යයනයක් කර නිවාඩු ලබාදිය හැකි නිලධාරීන් හා නිවාඩු අනුමත කළ නොහැකි නිලධාරීන් වර්ග කළ යුතු යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි.

අනුප්‍රාප්තිකයන් හෝ ආදේශන නිලධාරීන් ලබා දිය නොහැකි සහ විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම අත්‍යවශ්‍ය කොන්දේසියක්ව ඇති සේවා ගණයන් සහ තනතුරු කමිටුව මගින් හඳුනාගනු ඇතැයි ද මේ සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පසුගිය දා (සැප්. 15) නිකුත් කළ 14/2022 (II) චක්‍රලේඛයේ සඳහන් වේ.

ඒ ඒ ආයතනවල සේවා සැපයුමට බාධා නොවන පරිදි වැටුප් රහිත නිවාඩු ලබාදිය හැකි සේ අධ්‍යයනයක් කරවා ගණයන් සහ තනතුරු හඳුනාගෙන ඔවුන්ට පමණක් මෙම අවස්ථාව ලබා දීමට කටයුතු කරනු ඇතැයි එම චක්‍රලේඛයේ සඳහන් වේ.