සුරතලුන්ට අසීමිත සෙනෙහසක්

0
35

කුමරියක වුවත් ඇය ද මිනිස් දියණියකි. සම වයසේ දැරියන්ට ඇති වන ආශාවන් ඇයට ද ඇති වෙයි. මිතුරියන් සුනඛ සුරතලුන්ගේ හාම්පුතුන් වෙද්දී පුංචි එළිසබෙත් කුමරියටත් සුනඛයකුට උරුමකම් කීමට අවශ්‍ය විය. මේ කැමැත්ත ඉවෙන් මෙන් වටහාගත් පිය රජුත් මෑණියනුත් ඇයට අපූරු තිළිණයක් ලබාදුනි. ඒ ත්‍යාගය සුරතල් කොගී සුනඛ පැංචකි. එතැන් සිට දෙවැනි එළිසබෙත් රැජින ලෙස කිරුළු පැලඳ අවසන් හුස්ම හෙළනතුරුම ඇයගේ සෙවණැලි බවට සුනඛ සුරතලුන් පත්වී තිබිණි. රැජින මාලිගාවෙන් මාලිගාවට යද්දී සුනඛ සුරතලුන් ද ගමනට එක්කර ගත්තේය.

හෙලිකොප්ටරයෙන්, බසයෙන්, දුම්රියෙන් මේ කුමන වාහනයකින් වුවත් යෑම රැජිනගේ සුනඛයන්ට ගැටලුවක් නොවීය. රාජ්‍ය නායක හමුවීම්වලදී රැජින සමඟ මේ සුනඛ සුරතලුන් ද පිළිගැනීමට ඔවුන්ට සිදුවිය. කොගීලා නැති රාජකීය ඡායාරූපයක් සොයාගත නොහැකි විය. බකිංහැම් මාලිගයේ කාමර 775ක් තිබුණද සුනඛ සුරතලුන් නිදාගත්තේ රැජිනගේ පෞද්ගලික නිවාසයේය. ඇවිදීමේ අපහසුතා දැනෙනතුරුම උන්ව ඇවිද්දවීම රැජිනගේ දෛනික රාජකාරි අතරින් එකක් විය.

පෙම්බේ‍රාක් වෙල්ෂ් සම්භවයක් ඇති කොගීස්ලා සිටිය ද උන් එංගන්තයට අලුත් සුනඛ විශේෂයක් විය. එහෙත් රැජින කොගීලා බි්‍රතාන්‍ය වැසියන්ගේ ප්‍රියතම සුනඛ විශේෂයක් කිරීමට මුල පිරුවාය.

 එළිසබෙත් කුමරියට නිල වශයෙන් කොගී සුරතලකු ලැබුණේ වයස අවුරුදු 18දී (1944දී) තිළිණයක් ලෙසය. සුසෑන් නම් ඒ සුනඛ සුරතලාගෙන් පසුව රැජිනගේ කොගී පරපුර ලේඛනගත කිරීම ඇරැඹිණි. සුසෑන්ගේ සුනඛ පවුල් ගස පරම්පරා 14ක් දක්වා විහිදී පවතියි. සුසෑන් සමඟ කොගී සුරතලුන් තිහකට මහ රැජිනගේ සුරතලුන් බවට පත්වීමට හැකි විය. එහෙත් ඊට පෙර ද කොගීලා සිටි නිසා සැබෑ ගණන ඊට  වැඩිය.

මහ රැජින අභාවප්‍රාප්ත වනවිට මියුක් සහ සැන්ඩි කොගියන් දෙදෙනොත් ‍ඩෝගි මිශ්‍ර සුනඛ සුරතලාත් ජනවාරි මාසයේදී මේ සුනඛ කණ්ඩායමට එක්වූ ලිසී ද තනි විය. ඩෝගි සුනඛ වර්ගය නිර්මාණය කරන ලද්දේ ද මහ රැජින විසින්මය. 1960දී කොගී විශේෂය රැජිනගේ සොයුරිය වූ මාග්‍රට් කුමරියගේ ඤචජඩඵඩභදඤ සුනඛයා සමඟ මිශ්‍ර කර ඩෝගිස් නම් අලුත්ම සුනඛ වර්ගය නිර්මාණය කර තිබෙයි. රැජිනගේ කොගී සුරතලුන් දෙදෙනා දැන් ජීවත් වන්නේ යෝක්හි ආදිපාද හා ආදිපාදවරිය වන ඇන්ඩෘ හා සාරා සමඟය.

ඩයනා කුමරිය රැජිනගේ කොගීස්ලා හැඳින්වූයේ ඇවිදින බුමුතුරුණු ලෙසිනි. එහෙත් රැජින උන්ව හඳුන්වා ඇත්තේ ගෑනු ළමයි, පිරිමි ළමයි වශයෙනි.  රැජින සිය සුනඛ සුරතලුන් කිසිදා මුදලට අලෙවි කළේ නැත. වර්ගය බෝ කරන්නන්ට, නෑ හිත මිතුරන්ට සමහර සුනඛ පැටවුන් ඇය තෑගි කළ අතර එසේ නොදුන් සියලු සුනඛයන් ඇය ඇති දැඩි කළාය.

රැජින නිසා බි්‍රතාන්‍යයේ කොගීලාට ඇති ඉල්ලුම වැඩි විය. Netflix මඟින් The Crown නම් රජ පවුලේ කතන්දරය විකාශය කිරීමත් සමඟ නැවත කොගීලා උන්මාදයක් ඇතිවී තිබුණු අතර ඇයගේ මරණය එය තවත් තීව්‍ර කරනු ඇත. රැජිනට අවසන් ගෞරව දැක්වීමට එක් එංගලන්ත කාන්තාවක් පැමිණෙන බව පැවැසුවේ කොගී සුනඛ පෙරහරක්  සමඟය. ඒ ඇයට උපහාර පිණිසය. ඇයගේ ජීවිතයට එපමණටම කොගීලා සමඟ බැදිණි.