සිතුවම්වල මැවුණු රුව

0
28

රැජන  වයස අවුරුදු හතේ සිට  සිතුවම්වලට පෙනී සිටියාය.  මේ වන විට ඇය සිතුවම් දෙසීය ගණනකට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන්නීය. ඒවා බොහොමයක් සාම්ප්‍රදායික ක්‍රමයට සිතුවමට නඟන ලද ඒවාය.  රැජිනගේ ජීවමාන සිතුවම් අතරින් එක් සිතුවමක් ආන්‍ෙදා්ලනාත්මක වඩාත් කතා බහට ලක්වූ සිතුවම බවට පත් විය. ලුසියන් ෆ්‍රෝඩ්ස් විසින් අඳින  ලද ඒ සිතුවම ගාඩියන් පුවත් සේවාව මඟින් දක්වා තිබුණේ සියලුම රාජකීයයන්ගේ සිතුවම් අතරින් හොඳම සිතුවම ඇයගේ මුහුණ දැක්වෙන මේ සිතුවම ලෙසිනි.

තවත් අය රැජිනගේ සුනඛ සුරතලුන් වූ කොගින්ගේ පෙනුම මුහුණේ ඇති බව පැවැසූහ. මේ අතර ඇය රග්බි කරුවක් ලෙසින් පෙනෙන බව පවසන්නෝද සිටියහ. මහ රැජිනගේ ඒ සිතුවමට මල් මෙන්ම ගල්ද එල්ල විය. ලුසියන් ෆ්‍රෝඩ්ස් නම් සුප්‍රකට ඡායාරූප ශිල්පියාගේ ජන්ම සංවත්සරය නිමිත්තෙන් පසුගිය වසරේ ජාතික කලාගාරයේ මේ සිතුවමේ පිටපතක් ප්‍රදර්ශනය කෙරෙනු අතර නැවතත් ඒ සිතුවම පිළිබඳ ආන්‍ෙදා්ලනාත්මක කතා බහක් ඇති විය. ලොව පුරාම මේ සිතුවමට ඇත්තේ විශාල ඉල්ලුමකි.  මේ සිතුවම වසර 2000 මැයි මස දිනක ඇඳි අතර එය නිම කරන ලද්දේ 2001 දෙසැම්බර්  මාසයේදීය. රැජිනගේ අණ මත ඔහු වෙනත් ජීවමාන සිතුවම් ඇඳ තිබුණද මෙය ලුසියන්ගේ ඉල්ලීම මත නිර්මාණය වූවකි.  

රැජිනව වඩාත්ම සිතුවමට නඟා ඇත්තේ නිකොලස් හිලියාඩ්ය.

ලොව ප්‍රබලම කාන්තාව වූ  මහ රැජින ඉදිරියේ සිටිමින් ඇයව සිතුවම් කිරීමට සිතුවම් ශිල්පීන් පස් දෙනකුට අවස්ථාව ලැබී තිබෙයි.

නිකී පිලිප්ස් චිත්‍ර ශිල්පිනිය  2011 දී රැජින සිතුවම් කර ඇති අතර ඇයගේ කොගී සුරතලුන්ද සිතුවමට එක් කිරීමට අමතක කළේ නැත. නිකී සිතුවමට නඟා ඇත්තේ රැජිනගේ 134 වැනි සිතුවමය.

එළිසබෙත් මහ රැජින සිතුවමට නැඟූ ළාබාලම පුද්ගලයා වන්නේ විසි අට හැවිරිදි වියේදී රැජිනව සිතුවම් කළ ක්‍රිස්ටියන් ෆර්ය. ඔහුට ඒ අවස්ථාව උදාකර දී ඇත්තේ ද රැජින විසිනි. රාජකීය විදෙස් ලීගය මඟින් තරුණ චිත්‍ර ශිල්පීන් වෙනුවෙන් පැවැත්වූ ප්‍රදර්ශනයට ක්‍රිස්ටියන්ද සිතුවමක් ඉදිරිපත් කර තිබිණි. හදිසියේම ක්‍රිස්ටියන්ට ලීගයේ සභාපතිවරයාගෙන් ඇමැතුමක් ලැබිණි. ඔහු කියා සිටියේ රැජිනට ඇයගේ ආලේඛ්‍ය සිතුවමක් ඔහුට අන්දවා ගැනීමට අවශ්‍ය වී ඇති බවය. ක්‍රිස්ටියන් ඉතා සතුටින් ගෞරවයෙන් ඒ ඉල්ලීම භාර ගත්තේය. ඔහුගේ සිතුවම බැංකු නෝට්ටුවලට හා කාසිවලටද තෝරා ගැනිණි.

කිරුළ හිමිවී වසරකට පසු රැජින සිතුවම් කරන ලද්දේ පියෙට්රෝ ඇනිගෝනිය. 1954 දී ඔහු විසි අට හැවිරිදි රැජිනව තෙලිතුඩට හසුකර ගන්නා ලදී. පියෙට්රෝ ඉතාලි ජාතික අලේඛය සිතුවම් ශිල්පියකි. කෙතරම් ප්‍රවීණයකු වුවද රැජින ඉදිරියේදී පැන්සල් ඉරක්වත් ඇඳ ගැනීමට ඔහුට නො හැකි විය. ඒ බව වටහා ගත් නිසා‍ෙදා් රැජන කුඩා වියේ ලද අත්දැකීම් ගැන කවුළුවෙන් පිටත යන එන්නන් බැලීමට පුරුදු වී සිටි අන්දම ගැන පවසා තිබෙයි.

ඇයගේ  කතා බහත් සමඟ සිත සැහැල්ලු වූ පසු පියෙට්රෝ පහසුවෙන් සිතුවම නිම කළේය. ඔහු සිතුවමින් රැජින පොදු භූමිකාවක් වුවද හුදෙකලා වූ අයකු බව පෙන්වීමට උත්සාහ ගෙන ඇත. දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ රිදී ජුබිලිය වෙනුවෙන් සුසෑන් ක්‍රෝෆෝඩ්ට අෑඳීමට  ලැබුණේ වෙනස්ම ආකාරයේ සිතුවමකි. අසුන් පැදවීම කවරදාත් රැජිනගේ ප්‍රියතම විනෝදාංශයකි. සුසෑන්ට රැජින වගේම ඇයගේ ප්‍රියතම අශ්වයකුද සිතුවමකට නැඟීමට හැකි විය.

මයිකල් ලෙනාඩ් චිත්‍ර ශිල්පියා තමන්ට කිසි දිනක රැජිනව සිතුවම් කිරීමට අවස්ථාවක් ලැබේවියැයි සිතුණේ නැත. එහෙත් නොසිතූ විරූ ලෙස 1985දී රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවෙන් ඒ අවස්ථාව උදාකර දෙන ලදී. රැජිනගේ හැට වැනි උපන් දිනය සැමරීමට රැජින සිතුවම් කිරීමේ වගකීම ඔවුන් ඔහුට පවරන ලදී. රැජිනගේ කෝගි සුනඛ සුරතලාද සමඟින් ඇඳි සිතුවම මයිකල් මහ රැජිනගේ උපන් දිනයට දුන් අපූරු  තිළිණයය.