සජිත් හොයන උත්තර

0
20

ප්‍රශ්න වෙනුවට අපි උත්තර සපයන විපක්ෂයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.  මේ අවස්ථාවේ මැති ඇමැතිකම් නොගෙන රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒමට අත හිත දෙන බවත් මැති ඇමැතිකම් ලබා ගැනීම තුළින් සිදුවන්නේ බංකොලොත් රටක ජනතාව තවදුරටත් පීඩනයට පත්වීම බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මැති ඇමැතිවරුන් වෙනුවෙන් කැපකරන මුදල් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් යෙදවීමෙන් ජීවිත ගණනාවක් බේරෙන බවද හෙතෙම  සඳහන් කළේය.

සමගි ජන බලවේගය විපක්ෂය ලෙස මේ අවස්ථාවේ සිදුකරන්නේ අඩු පිරිවැයකින් වැඩි වැඩ කොටසක් කර සමාජයට සිදුවිය යුතු වගකීම ඉටු කිරීම යැයිද ඔහු කීය.  රටත් රජයක් බංකොලොත් වී ඇති මොහොතක රාජ්‍ය බලයක් නොමැති විපක්ෂයක් ලෙස හුස්ම වැඩසටහන සහ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ ඉටු කරන්නේ  මහජන වගකීම සහ මේ රටේ ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් තමන්ට පැවරී ඇති සමාජීය වගකීම බවද ඔහු සදහන් කළේය.

නිර්මාණි ගුණරත්න