ලොවම වසඟ කරගත් ඇගේ කතා

0
17

වසරක් පාසා ලොවටම ඇසෙන ලෙස කතා කිරීමට ලැබුණු එකම රැජින මෙන්ම එකම රාජ්‍ය නායකයා හෝ නායකයා වූයේද ඇයමය. දෙවැනි එළිසබෙත් රුජින රට වැසියන්ට පමණක් කළ කතාව වුවද ලෝ වැසියන් ආදරයෙන් සවනේ රඳවා ගත්තේය. සුරූපී මහ රැජින මිහිරි හ¾ඩින් කෙටියෙන් කළ කතා භාෂාව නො තේරුණද අසා සිටින්නාට සැබැවින්ම කර්ණරසායන අරුත්බර වදන් පෙළක් විය.

ලෝකයා ඇයගේ මේ බුහුටිකම මුලින්ම හඳුනාගත්තේ දහතුන් හැවිරිදි කුමරියකව සිටියදීය.

1940 ඔක්තෝබර් 13 වැනි දින රටේ රජුගේ වැඩිමල් දියණිය ලෙස ඇය ගුවනින් කළ කතාව අදටද ජනප්‍රියය. යුද සමයේදී ඇය කළ කතාව අවසන් කළේ “සාමය උදාවන විට හෙට ලෝකය  වඩාත් යහපත් හා පී්‍රතිමක් තැනක් වන්නේ අද දවසේ දරුවන් වන අප වෙනුවෙන් බව මතක තියා ගන්න” යනුවෙන් පවසමිනි.

කුමරිය එසේ ගුවනින් ඇමැතුවේ බි්‍රතාන්‍යයේත් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල යුද්ධයට ගොස් සිටින මවුපියන්ගේ දරුවන්ටය.

2020 වසරේදී කුමරියගේ පළමු කතාවට වසර 80ක් සපිරිණි. කුමරියට දරුවන් අතර ආත්ම ධෛර්යය ඇති කිරීම සඳහා මේ කතාව කරන ලෙසට යෝජනාකර තිබෙන්නේ එවකට බි්‍රතාන්‍ය අගමැති වූ වින්ස්ටන් චර්චිල් විසිනි.

ඇයගේ මුල්ම නත්තල් දින පණිවුඩය 1952 දෙසැම්බරයේදී ගුවනින් පවත්වන ලදි. පසුව රූපවාහිනියේ සම්ප්‍රාප්තියත් සමඟ රුවැති රැජින මිහිරි හ¾ඩින් සිදුකරන අරුත්බර කතා දෑසින් දැක බලා ගැනීමට හැකිවිය. ඇයගේ නත්තල් දින පණිවුඩය මිලියන අටකට ආසන්න ගණනක් නරඹති.

1953 ජුනි දෙවැනිදා මහ රැජින ලෙස දිවුරුම් දෙමින් කළ කතාවේදී පවසා සිටියේ තම කිරුළු පැලඳීම බලයේ සංකේතයක් නොවන බවය. වයස විසි පහක් වන තුරුණු වියේදීම ඇය බලය තාවකාලික තේජසක්, බැබළීමක් බව දැන සිටියාය. ඒ නිසා ඇය කිරුළු පැලඳීම නැතිවී යන තාවකාලික තේජස, බැබළීම සඳහා සංකේතයක් කර නොගන්නා බව හා එය බලාපොරොත්තු ඉටු කරන අනාගතයක් වෙනුවෙන් යොදා ගන්නා බවත් එදින ජනතාව අමතා පවසා සිටියාය. 

පාර්ලිමේන්තුවේ සමාරම්භක රාජ්‍ය උත්සවයේදී කතාවක් පැවැත්වීම රැජිනගේ රාජ්‍ය කාර්යභාරයන් අතර ප්‍රධාන තැනක් ගෙන තිබිණි. රැජින මුල්වරට පාර්ලිමේන්තු කතාව පැවැත් වූයේ 1952 නොවැම්බර් 4 වැනිදාය. ඇය අඛණ්ඩව මේ කාර්යය අකුරටම ඉටුකළ අතර ඇන්ඩෘ කුමරු සහ එඩ්වඩ් කුමාරවරුන් ලැබීමට සිටි කාලවලදී පමණක්  සමාරම්භක උලෙළේ කතාව පැවැත් වීමට නොහැකි විය. 2022 වසරේ මැයි මාසයේදීත් ඇයට ඇවිදීමේ දුෂ්කරතා නිසා සමාරම්භක කතාව පැවැත් වීමට නොහැකිවූ අතර එය චාල්ස් කුමරු විසින් පවත්වන ලදී. මේ අනුව ජීවිත කාලයේදීම ඇය පාර්ලිමේන්තු සමාරම්භක  කතාව පවත්වා නැත්තේ අවස්ථා තුනකදී පමණි.

දෙවැනි  එළිසබෙත් රැජින පවත්වන කතා බි්‍රතාන්‍යයන්ට ජන ජීවිතයේම කොටසක් විය. එපමණක් නොව පොදු රාජ්‍ය  මණ්ඩලීය රටවල වැසියන්ද ඇයගේ කතා ආදරයෙන් ශ්‍රවණය කළවුන් අතර නිබදවම සිටියි. මිහිරි හ¾ඩින් සොදුරු රැජිනක් කරන කෙටි අර්ථවත් කතා අසන්නට දකින්නට යළි වරම් නොලැබුණද ඇය කළ කතා, රුවත් සමඟ බොහෝ කාලයක් රැව්පිළි රැව් දෙනු ඇත. ඒ ඇය සියලු කතා පැවැත්වූයේ රැජිනකට වඩා හෘදයාංගම ගැහැනියක ලෙසින් බැවිනි.

අන්තර්ජාලයෙනි

චම්පිකා දීපානි රණසිංහ