ලයිට් නැතුව-බස් නැතුව දුක් විඳ විඳ පුහුණු වුණා

0
29

ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙන්ම දැල්පන්දු කණ්ඩායමත් නැවත වරක් ආසියානු ශුරියන් ලෙස අභිසෙස් ලබමින් ‘මව්බිම’ට ගෞරවයක් රැගෙන ආවේ අභියෝගාත්මක කාලසීමාවක් ගත කරමින් පසුවන ශ්‍රී  ලංකාව වෙත මුළු ලෝකයේම අවධානය යොමු කරමිනි.

ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී  ලංකාව හිමිකරගත් 6 වැනි අවස්ථාව මෙය වන අතර, මෙවර සිංගප්පූරුවේදී පැවැති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය සඳහා ඔවුන් පිවිසුණේ මෙයට පෙර තරගාවලියේ තම ශූරතාව ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙන් බව නිසැකය.

පසුගිය කාලසීමාව තුළ ශ්‍රී  ලංකාව කෙතරම් අසීරුතාවන්ගෙන් පීඩා වින්ද බව අප සැම දන්නා කරුණකි. එවන් තත්ත්වයක් තුළ පුහුණුවීම් කටයුතුවල යෙදීම සඳහා හිතකර පරිසරයක් නොතිබූ බවද නොරහසකි. එවන් සියලු දුෂ්කරතා මධ්‍යයේ වුවත් මෙම ක්‍රීඩිකාවන් ලද ජයග්‍රහණය සඳහා ජාතික කණ්ඩායමේ පුහුණුකාරිණී හයිසින්ත් විජේසිංහ ඇතුළු ශ්‍රී  ලංකා දැල්පන්දු සම්මේලන බලධාරීන්ටද මෙහිදී විශේෂ ගෞරවයක් හිමිවිය යුතුය.

අභියෝග මධ්‍යයේ අපි පුහුණුවීම් සිදු කරගෙන යද්දී විදුලි කප්පාදුවත් සමඟින් අපි විශාල ගැටලුවකට මුහුණදුන්නා. එහිදී අපි පුහුණුවීම් සිදු කළ බණ්ඩාරගම ආශි්‍රතව ක්‍රමවත් විදුලි කප්පාදු කාලසටහනක් පැවැතුණේ නැහැ. ඒ අවස්ථාවලදී අඳුරේ ඉතා අඩු ආලෝකයක් යොදා ගනිමින් පුහුණුවීම් සිදු කිරීමට පවා අපට සිදුවුණා. එසේම අපගේ පන්දු විදින්නියන් මෙතරම් ප්‍රබල වීමට අඳුරේ සිදුකළ පුහුණුවීම් හේතු වූ බව කියන්නම ඕන. ඒ වගේම මීළඟට ඔවුන් මුහුණදුන් අභියෝගය වුණේ ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ අපහසුවයි. කියන්න දුකයි මැයි මාසයෙන් පසුවයි අපට නේවාසිකව පුහුණුවීම් සිදු කිරීමට අවස්ථාව හිමි වූණේ. ඇතැම් දිනවල දැඩි වර්ෂාව මධ්‍යයේ ක්‍රීඩා උපකරණද ඔසවාගෙන බස් රථයක් පැමිණෙන තෙක් බස්නැවතුම්පළවල දිගු වේලාවන් රැඳී සිටීමට අපගේ ක්‍රීඩිකාවන්ට සිදුව තිබුණා. මේ වෙනුවෙන් ඔවුන් විශාල දුකක් වින්දා. අනෙකුත් සමහර දරුවන් කුලී රථ හෝ ත්‍රිරෝද රථ යොදා ගනිමින් තමන්ගේ ප්‍රවාහන පහසුකම් සලසා ගත්තා. කෙසේ වෙතත් මෙම ගැටලුව වෙනුවෙන් සියලු පහසුකම් සහිතව අපේ ක්‍රීඩිකාවන්ට නවාතැන් පහසුකම් සැපයීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දැක්වූ දායකත්වය ප්‍රශංසනීයයි. ඒ සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුදෙනාටත් අපගේ දැල්පන්දු සම්මේලනයටත් ස්තුතිවන්ත විය යුතුයි. ක්‍රීඩාංගණය තුළදී කෙතරම් තදින් සිටියත් අනෙක් සෑම අවස්ථාවකම ඔවුන් සමඟින් සැහැල්ලුවෙන් සතුටින් කටයුතු කළා. කනිෂ්ඨ ක්‍රීඩිකාවන් තම උපරිමය කණ්ඩායමට ලබා දුන්නා. මම දුටු හොඳම විනයක් සහිත කණ්ඩායම මෙය බව පැවසිය යුතුයි.”

එසේම තරගාවලිය ආරම්භයේදීම කොවිඩ්-19 වයිරස් අවදානමකට මුහුණදීමට සිදුවූ හෙයින් ඒ පිළිබඳවද ඇය පැවැසුවේ මෙවැන්නකි.

“මෙම තරගාවලිය ආරම්භයේදීම නොසිතූ අභියෝගයකට මුහුණදීමට අපට සිදුවුණා. ඒ අනුව තරගාවලියට පෙර තායිලන්තය සමඟින් පුහුණු තරගයකට එක්වීමට අපට අවස්ථාව ලැබුණා. තායිලන්ත කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබූ බව පසුවයි අපිට ආරංචි වුණේ. මේ අනුව අපේ කණ්ඩායමේ සියලුදෙනා විශාල අවධානමකට ලක් වූ නිසාම කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීම ස¼දහා සියලු ආරක්ෂිත උපායමාර්ග අනුගමනය කිරීමට ක්‍රීඩිකාවන් කටයුතු කරනු ලැබූවා. තායිලන්ත ක්‍රීඩිකාවන් සමඟ කෙතරම් සමීපව කටයුතු කළත් වාසනාවකට අපගේ ක්‍රීඩිකාවන් කිසිවකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබුණේ නැහැ” ක්‍රීඩාංගණයට එතරම් ජනකායක් තරගයක් නැරඹීම සඳහා එක්වූ පළමු අවස්ථාව මෙය බවත් සිංගප්පූරු බලධාරීන් පැවැසුවා. ඔවුන් අවසානයේ තරග ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම නවතා දමා සියලුදෙනාට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවස්ථාව ලබාදී තිබුණා. එහි විශාල ක්‍රීඩා ලෝලීන් ප්‍රමාණයක් සිටි නිසා එමඟින් ඇතිවූ විශාල ශබ්දයත් ශ්‍රී  ලංකා ක්‍රීඩිකාවන්ගේ පසුබෑමට හේතු වුණා. එම අවස්ථාවේදී මම යම් උපදේශයක් ලබා දුන්නත් ඔවුන්ට එය නොඇසී යන තත්ත්වයක් ඇතිව තිබුණා. ඔවුන් අතින් අත්වැරැදීම් සිදුවුණා. කෙසේ වෙතත් අපි මෙයට පෙර සකස් කර තිබූ සැලසුම්වලට අනුකූලව ලකුණු පරතරය ලකුණු 3ක් දක්වා ගෙන ඒමට හැකි වුණා. ඉන් අනතුරුව තෙවැනි කාර්තුවේදී තරගයේ පාලනය අපට නතු කර ගැනීමට හැකියාව ලැබුණා”

ගමිත දෙහිපිටිය