රැජිනගේ අවමංගල්‍යයට ගිහින් රනිල් තියන වාර්තාව

0
45

දෙවැනි එළිසබෙත් මහ රැජිනියගේ රාජාභිෂේකයට සහභාගි වූ මවුපියන් දෙදෙනකුගේ දරුවන් දෙදෙනකුට රැජිනියගේ.  රාජකීය අවමංගල්‍යයට සහභාගි වීමේ අවස්ථාව උදාකර ගන්නට ලැබී ඇත. ශ්‍රී  ලංකාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහටත්, නෙදර්ලන්තයේ හිටපු රැජිනිය වන බිටි්‍රක්ස් කුමරියටත් මෙම අහඹු අවස්ථාව හිමි වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළිසබෙත් මහ රැජිනියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි අතර නෙදර්ලන්ත හිටපු රැජිනිය වන බිටි්‍රක්ස් කුමරිය ද රැජිනට අවසන් බුහුමන් දැක්වීමට පැමිණ ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මවුපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී වික්‍රමසිංහ මහත්මිය 1952 පෙබරවාරි මාසයේ පැවැති එළිසබෙත් මහ රැජිනියගේ කිරුළ පැලඳීමේ රාජාභිෂේක උත්සවයට අගමැති ඩඩ්ලි සේනානායක සමඟ සහභාගි වී තිබේ.

බිටි්‍රක්ස් කුමරියගේ මවුපියන් ද රාජකීයන් ලෙස රාජාභිෂේකයට සහභාගි වී තිබේ.

ලෝක ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයන් ලෙස මොවුන් ඉතිහාස පොතට එක්වනු ඇත.

මහ රැජිනියගේ රාජාභිෂේකයේදී වූ එවකට අගමැති ඩඩ්ලි සේනානායකට මුහුණපෑමට සිදු වූ සුවිශේෂි සිදුවීමක කතාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සිය කාර්ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළේය. එය මෙසේය. එවකට ශ්‍රී  ලංකාව බි්‍රතාන්‍ය පාලනය යටතේ පැවැති ඩොමීනියන් රාජ්‍යයකි. රාජාභිෂේක මංගල්‍යයට ගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් අතරින් ඉන්දීය අගමැති ජවහර්ලාල්නේරුට හා පාකිස්තාන රාජ්‍ය නායකයාට තනි තනිව ගමන් කිරීමට අශ්වාරෝහක රථ පිළියෙල කර තිබිණි.

එහෙත් ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ගමන් කිරීමට වෙන් කර තිබුණේ ටොංගෝ රාජ්‍යයේ අගමැතිනිය සමඟය. මෙය නොරිස්සූ අගමැති ඩඩ්ලි උස කාන්තාවක් වූ ටෝංගෝ රාජ්‍ය නායිකාව සමඟ ගමන් කිරීම ප්‍රතික්ෂේප කළේය. පසුව මෙම ගැටලුව විසඳීමට මැදිහත් වූවේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාය. ඔහු මැදිහත්ව මේ ප්‍රශ්නය විසඳා ඩඩ්ලි සේනානායක අගමැතිවරයාටද තනිව ගමන් කිරීමට අශ්ව කරත්තයක් වෙන් කරගෙන තිබිණි.

සඳුනි ගමාරච්චි