මොකක්ද මේ කික් ඩවුන් කියන්නේ Auto Mobile – 14

0
485

අපි ගිය සතියේ කතා කළේ ඔටෝ ට්‍රාන්ස්මිෂන් ගැන හිතන්න. ඔයා පැදගෙන යන්නෙ මැනුවල් ට්‍රාන්ස්මිෂන් වාහනයක් කියලා. ඔයාට ඕන වෙනවා තව වාහනයකට ඉස්සර කරන්න.

එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ තියෙන ගියර් එකෙන් අඩු ගියර් එකකට අරන් ස්පීඩ් එක වැඩි කරගෙන වාහනේ ඉස්සර කර ගත්තට පස්සෙ ආපහු පෙර ධාවනය වුණ ගියර් එකටම අරන් ධාවනය පවත්වා ගන්න එක. තවත් සරල කළොත් වාහනේ ඩ්‍රයිව් වුණේ ටොප් ගියර් එකේ නම් වාහනයකට ඉස්සර කරන්න ඕනෙ වුණාම අපි තර්ඩ් ගියර් එකට මාරු කරලා වාහනේ ඉස්සර කර ගත්තට පස්සේ ආපහු ටොප් ගියර් එකට ගන්න එක.  ඔටෝ ට්‍රාන්ස්මිෂන්වලත් අපිට මේ ක්‍රියාකාරීත්වයම ලබා දීලා තියෙනවා.

විශේෂ හයිඩ්‍රොලික් පරිපථවලින් සහ ඒවාටම එකතු වුණ ඉලෙක්ට්‍රොනික ක්‍රියාකාරිත්වය මඟින්. ඒ කියන්නෙ ඔයාට ඔටෝ ට්‍රාන්ස්මිෂන් වාහනයක් පැදගෙන යන වෙලාවක වෙන වාහනයකට ඉස්සර කරන්න වුවමනා වුණොත් ඇක්සිලේටර් එක ක්ෂණිකව යටටම පෑගුවාම ඔයා ඩ්‍රයිව් කළ ගියර් එකකට පහළ ගියර් එකකට වැටෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් බොහොම පහසුවෙන් වාහනයකට ඉස්සර කර ගන්න.

හැබැයි හුඟක් රියැදුරන් සහ රථ හිමියන් මේ කික් ඩවුන් ක්‍රියාකාරීත්වය ගැන දැනුවත් නෑ. බොහෝ වෙලාවට වාහනේ ගරාජ් එකකට පෙන්නන වෙලාවලුත් තියෙනවා. මේ ප්‍රශ්නය නිසාම තව වෙන්න පුළුවන් හේතුවක් තමයි වාහනවලට ඝන කාපට් දාන එකෙන් ඇක්ස්ලේටර් එක යටටම පෑගෙන්නෙ නැති එක. එතකොටත් මේ සිස්ටම් එක වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන්.

ඒ වගේම අලුත් වාහනවල කික් ඩවුන් ක්‍රියාරිත්වය එක්ක වාහනේ ඒසී කම්ප්‍රෙසර් එකත් කට්ඕෆ් කරනවා. ඒ මොහොතට අවශ්‍ය වැඩි බලය ක්ෂණිකව ලබා ගැනීමේ අරමුණෙන්. ඔටෝ ගියර් රථ ගැන දැනුවත්ව පාවිච්චි කිරීමෙන් පැනනැඟිය හැකි ගැටලු බොහොමයක් වළක්වා ගන්න පුළුවන්. අපි ලබන සතියේ කතා කරමු ඔටෝ ට්‍රාන්ස්මිෂන් වාහනයක් නිවැරැදිව පාර්ක් කර ගන්නේ කොහොමද කියලා.

මාධව රූබසිංහ