මෙරටදී ළමා සොල්දාදුවන් බඳවාගත් සුද්‍ෙදා්

0
23

සත්‍යය හැමවිටම සත්‍යයම පමණි. එහි භාගයක් සත්‍ය හෝ තරමක් දුරට සත්‍ය හෝ වශයෙන් ප්‍රභේද තිබිය නොහැකිය. සත්‍යය සුන්දරය. ස්ථිරසාරය. එය අප දරන මතයන්ට හෝ අභිලාෂයන්ට අනුව නවා හැඩ ගැන්විය නොහැකිය.

ප්‍රථම වරට ලංකාවේදී ළමා සොල්දාදුවන් බඳවා ගන්නා ලද්දේ කොටි සංවිධානය විසින් බවට පිළිගත් මතයක් තිබේ. 1980දී පමණ කොටි සංවිධානයට මෙම චෝදනාව එල්ල විය.  කොටින් විසින් පැහැර ගන්නා ලද උතුරේ ළමයින්ට අවි පුහුණුවදී යුද පෙරමුණට යැවූ බව සත්‍යයකි. නමුත් ලංකාවේ එවැනි මානව හිමිකම් උල්ලංඝනයක් ප්‍රථමයෙන් සිදුකළේ කොටි සංවිධානය බවට ගොඩනැඟී ඇති මතය අසත්‍යයකි. ලංකාවේ පළමු වරට ළමා සොල්දාදුවන් බඳවා ගෙන තිබෙන්නේ බි්‍රතාන්‍ය යටත් විජිත ආණ්ඩුවය. එය එළියට නොපැමිණි සත්‍යයකි.

මෙරට කීර්තිමත් විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් විසින් එල්.ටී.ටී.ඊ.ය උතුරේ දරුවන් යුද්ධයට බඳවා ගැනීම සම්බන්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද කරුණු ඉදිරිපත් කළේය. ප්‍රභාකරන්ගේ අධීක්ෂණය යටතේ ළමා සොල්දාදුවන්ගේ බි්‍රගේඩයක්ද කොටි සංවිධානය පවත්වා ගෙන ගොස් තිබිණි.

ඊට ප්‍රථම යටත් විජිත පාලන සමයේ බි්‍රතාන්‍ය රාජකීය හමුදාව විසින් ශ්‍රී ලංකාවේ ළමා සොල්දාදුවන් යුද්ධයට බඳවා ගෙන තිබේ. පළමු ලෝක යුද්ධය ආරම්භ වීමෙන් පසු 1910 වකවානුවේ මෙම බඳවා ගැනීම් සිදු කර ඇත. මේ පිළිබඳ ඉතා වැදගත් විස්තරයක් මහාචාර්ය කේ. එම්. ද සිල්වාගේ A History of sri Lanka (1981) ග්‍රන්ථයේ සඳහන් වේ.

යටත් විජිත පාලන සමයේ මෙරට ප්‍රධාන පාසල්වල විදුහල්පති ධුරය දැරූ බි්‍රතාන්‍ය ජාතිකයන්ගේ කැපවීම විස්තර කරමින් ඔවුන්ගේ දක්ෂතාව නිසා පාසල් සිසුන් දෙවැනි ලෝක යුද්ධයේදී සටන් කිරීමට යුද හමුදාවට බඳවා ගැනීමට හැකිවූ බව මහාචාර්ය කේ. එන්. ද සිල්වා ස්වකීය ග්‍රන්ථයේ විස්තර කර තිබේ.

මහාචාර්ය ගුණවර්ධන විසින් රචිත encyclopedia of Sri Lanka සංශෝධිත සංස්කරණය (2006)

රාජකීය යුද හමුදාවට පාසල් ළමයින් බඳවා ගැනීම පිළිබඳව නිවැරදි සටහනක් ඉදිරිපත් කර ඇත. එම සටහන්වලට අනුව පෙනී යන්නේ කොටි සංවිධානය ළමා සොල්දාදුවන් බඳවා ගන්නට වසර 70කට පෙර මෙරට පිළිගත් පාසල් 4ක විදුහල්පතිවරුන් සහ කැඩෙට් මාස්ටර්වරු විසින් දරුවන් යුද්ධයට බඳවා ගෙන ඇති බවය.

මෙරටදී මහා බි්‍රතාන්‍යයේ රාජකීය හමුදාවට බඳවා ගන්නා ලද මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 330කි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිසුන් 88ක් බඳවා ගෙන ඇති අතර 5 දෙනකු යුද පෙරමුණේදී මරණයට පත්ව ඇත. 13 දෙනකු තුවාල ලබා ඇත. 3 දෙනෙක් යුද සිරකරුවන් බවට පත්ව තිබේ.

සෙන්ට් තෝමස් විද්‍යාලයෙන් බඳවා ගන්නා ලද සංඛ්‍යාව 86කි. 14 දෙනකු මරණයට පත්ව ඇත.

මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් බඳවා ගන්නා ලද ශිෂ්‍ය සංඛ්‍යාව  84කි. 13 දෙනකු මරණයට පත්ව ඇත. 15ක් තුවාල ලබා ඇත. ටි්‍රනිටි විද්‍යාලයේ 72ක් බඳවා ගෙන ඇති අතර 13ක් මරණයට පත්ව ඇති අතර 2 දෙනකු යුද සිරකරුවන් වී ඇත.

මෙසේ බඳවා ගන්නා ලද පාසල් සිසුන් නිසැක ලෙසම ප්‍රභූ පවුල්වලට අයත් දරුවන් වන්නට ඇත. ලෝක යුද්ධයේදී යටත් විජිත ආණ්ඩුව මිත්‍ර පක්ෂය වෙනුවෙන් පෙනී සිටි නිසා බි්‍රතාන්‍ය යුද පෙරමුණෙන් එන යෝජනා නොපැකිළව ඉටු කිරීමට කටයුතු කරන්නට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල්වල සිසුන් ලෝක යුද්ධයෙහිදී සටන් පෙරමුණට යෑම එම පාසල්වලට කරන ගෞරවයක් ලෙස සලකන්නට ඇත.

මෙසේ ලෝක යුද්ධයේදී ජීවිතය පූජා කළ ශ්‍රී ලංකාවේ  දරුවන් කවරහුද? ඔවුන්ගේ

නම් – ගම් විස්තර පිළිබඳව විස්තර සොයා සමාජය දැනුවත් කිරීමේ සමාජමය යුතුකමක් මෙන්ම ඓතිහාසික වගකීමක්ද තිබේ.

උදේනි