මැණිකෙව අරන් ගියපු දුරට thank god

0
568

අද අපි කතාකරන්න යන්නේ අවුරුද්දකට ෆිල්ම්ස් 1000කට වඩා එළියට දාන, ආදායම් වාර්තා දවසින් දවස අලුත් කරන, ලොකයේ ඉහළින්ම වැජඹෙන සිනමා කර්මාන්තයකට උරුමකම් කියන අපේ අල්ලපු රටේ අෑයෝ නිර්මාණය කරපු අපිටත් අපේ දෙයක් වගේ ලාංකික හැඟීමකින් යුතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් ගැනයි.

ඉතින් මේ අවුරුදේ ඔක්තෝබර් 25 වැනිදා රිලීස් වෙන්න නියමිත thank god ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් තමයි අපි අද Play එකේ කතා කරන්න යන්නේ. බොලිවුඩ් සිනමාවට නැතිවම බැරි දැවැන්තයකු වන Ajay Devgn සමඟින් සුවහසක් සිනමාලෝලී කාන්තා පාර්ශ්වයේ ක්‍රශ් එකක් වෙන Sidharth Malhotra සහ කොලිවුඩ්-බොලිවුඩ් ක්ෂේත්‍ර දෙකේම එක ලෙස වැඩ පෙන්නපු දඟකාර, හැඩකාර Rakul Preet Singh මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා. විනාඩි 140ට ආසන්න ධාවන කාලයකින් යුක්ත වෙන මේ ෆිල්ම් එක තිර රචනය සහ අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ grand masthi, total dhamal වැනි කොමඩි ෆිල්ම් හදපු Indra Kumar. ඒ වගේම මේ ෆිල්ම් එකත් ෆැන්ටසි ලෝකයක් මවන කොමඩි ටයිප් එකේ ෆිල්ම් එකක්.

අයාන් කපූර් තමයි අපේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන්නේ. එතකොට එයයි එයාගේ ලස්සන බිරිය රූහියි දෙන්නම රාජකාරිය කරන්නේ පොලිසියේ. එයාලට ඉන්නවා ලස්සන පුංචි දුවක්. එයාගේ නම පීහු. දවසක් අයාන් කාර් එක ඩ්‍රයිව් කරන ගමන් රූහිත් එක්ක කොල් එකක ඉන්නකොට හදිස්සියෙම බයික් එකක් එයාගේ පැත්තට එනවා. කුකුල් කේන්තිකාරයෙක් වෙන අයාන් තමන්ගේ වාහනේ පහුකරගෙන බයික් එකේ යන මනුස්සයට හැරිලා බනිනකොටම පැත්තෙන් එන වාහනයක හැප්පෙනවා. ඕන් ඔතනින් එහාට තමයි වැඩේ වෙන්නේ. ඊට පස්සේ අයාන් ඉන්නේ වෙනමම තැනක. හැබැයි තවම අයාන් මැරිලත් නෑ. ජීවත් වෙන්නෙත් නෑ. එයාගේ ජීවත් වෙන ගැන තීරණය වෙන්නේ එයා කරපු දේවල් අනුවම තමයි.  එතැනදී අයාන්ව විනිශ්චය කරන්න එන්නේ චිත්‍රගුප්ත්. ඔහුගේ කාර්යභාරය තමයි මිනිස්සුන්ගේ පව් සහ ගුණධර්මයන් පිළිබඳ වාර්තාවක් ලබා දීම. ඉතින් වාර්තාවට අනුව ආයාන්ට මොකද්ද වෙන්නේ කියලා බලන්න නම් thank god බලන්නම වෙනවා.

ෆිල්ම් එකේ ට්‍රේලර් එක බලපු මට එකපාරටම මතක් වුණේ 2005 රිලීස් වුනු ෂාහිඩ් කපූර් සමඟ සංජය දත් රඟපාන Vaah Life Ho Toh Aisi ෆිල්ම් එක. ඒත් thank god කියන්නේ එකේ රීමේක් එකක්නම් නෙමෙයි.

මේ වෙනකොටත් සැප්තැම්බර් 9 වැනිදා රිලීස් වුණු මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක පටන්ගන්නකොටම ඇහෙන මියුසික් එක කොච්චරක් පුරුදුයිද, අපිට අපේ දෙයක් වගේ දැනෙනවද කියන එක ට්‍රේලර් එක බලන ඔයාලට තේරෙයි. ඒ කියන්නේ මේ ෆිල්ම් එකත් එක්කම ලෝකය හොල්ලපු ලංකාවේ ‘මැණිකේ මගේ හිතේ’ සින්දුව ආයෙමත්් කරළියට එන්නයි හදන්නේ.

ඒ වගේම විකිපීඩියා එකේ Thank God ෆිල්ම් එක ගැන විස්තර බලනකොට ඉන්දියාවේ මහා දැවැන්ත නම් අතරේ ලංකාවේ අපිට හුරුපුරුදු නමකුත් පෙනෙන්න තිබෙනවා. Music by ලේබලය යටතේ මැණිකේ මගේ හිතේ නිර්මාණය කරපු චමත් සංගීත්ගේ නමයි.

ඉතින් දැන් අපිට පුළුවන් indian music industry එක ඇතුළේ අපේ එකකුත් ඉන්නවා කියන හැඟීමෙන් යුතුව, Thank God ෆිල්ම් එකෙන් එළියට එන මැණිකේ මගේ හිතේ සින්දුවේ හින්දි වර්ෂන් එක අහන්න. ඒ ආඩම්බරයත් එක්කම ඔක්තෝබර් 25 රිලීස් වෙන Thank God ෆිල්ම් එකෙන් මුළු ලෝකයක් අපේ සංගීතයට කරන්න පුළුවන් තරම ගැන දැනගනීවි යන සුබ බලාපොරොත්තු දල්වාගෙන බලාගෙන ඉඳිමු.

ෂාමික ඉරේෂ් ජයලත්