බොරලුගොඩින් අරලිය මැඳුරට

0
25

අරගලකරුවන්ගේ බලහත්කාරකම් මැද කඩා බිඳ දැමීම් හා ඇතැම් වටිනා භාණ්ඩ සොරා ගැනීමෙන් මාස හතරකට ආසන්න කාලයක් අකර්මණ්‍යව තිබූ අරලියගහ මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආගමික වතාවත් සහිත චාම් උත්සවයකින් පසුගිය 12 වැනිදා අග්‍රාමාත නිල නිවෙසට ගොස් සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

අග්‍රාමාත්‍යවරයා පසුගිය මාස කීපය තුළ සියලු රාජකාරි කටයුතු කළේ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටය.

දැන් අපිට අරලියගහ මන්දිරයේ රාජකාරි පටන් ගන්න පුළුවන් නිලධාරීන් දැනුම් දීමෙන් පසු, වහාම එහි යෑමට අගමැති එකඟ වූයේ නැත. “අපි රටට, ජාතියට, ජනතාවට සෙත් පතලා, පිරිත් දේශනයක් පවත්වලා තේරුවන්ගේ ආශීර්වාදයත් එක්ක වැඩ පටන් ගම්මු.” අගමැති දිනේෂ්ගේ උපදේශය විය.  “හැබැයි ඒකට රජයේ මුදල් වියදම් කරන්න එපා. මගේ පෞද්ගලික කාර්යයක් විධියට චාම් ආකාරයෙන් කරමුයි අගමැති කළ යෝජනාවට අනුව සඳුදා රාත්‍රියේ පිරිත් දේශනය පැවැත්වුණ අතර පසුදින උදෑසන දානමය පින්කම පැවැත්විණි.

අගමැති සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා, මඑපෙ නායක ලෙස ඔහුට ඉතාම සමීප පිරිසකට පමණක් ඊට ආරාධනා කර තිබිණි. ජනාධිපතිවරයාද මෙම කාර්යයට ආශීර්වාද කර තිබිණි.