ප්‍රේමයට හදවතක ඇති ඉඩ අසීමාන්තික බව කියාදෙන පියාඹන්න ආයෙත්

0
183

ප්‍රේමය අපේ ජීවිතයකට කරවන බලපෑම කොතරම්ද කියලා විටෙක විග්‍රහ කරන්න බැරි බවද කියා දෙන හෙළවුඩයේ නවතම චිත්‍රපටය වන ‘පියාඹන්න ආයෙත්’, චිත්‍රපටයේ අපට හමුවන ප්‍රේමණීය කතාව වෙනස් වූ තේමාවක් ගන්න බව මුලින්ම කියන්න ඕනේ.

විටක එය අපේ ජීවිත තුළ ඇතුළාන්තයට වඩාත් සමීප අත්දැකීමක්. චිත්‍රපටයේ කතා තේමාව සරලව ගතහොත් සදීෂා ජීවත් වුණේ විදෙස් රටක. මවුපියන්ගේ බලපෑම් මත යෝජිත විවාහයක සිටි ඇය ස්වාමියා අතහැර ලංකාවට එනවා අවංක ආදරයක් හොයාගෙන. ආදරය ජීවිතය එක්ක මොනතරම් ආතතියක් ඇති කරනවාද කියලා යොවුන් වියේ අත්දැකීම් එක්ක කතාන්දර අපි හැමෝගෙම හිත්වල තිබෙන බව මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අදීෂ නම් කඩවසම් තරුණයා වෙනුවෙන් ඇය බොහෝ බලාපොරොත්තු ඇතිව ලංකාවට එනවා.

ආදරය ඇතැම් විට විවාහයකින්ම කෙළවර වෙන්නෙ නැහැ. ආදරය කරන බොහෝ දෙනාට ඒ ආදරය විවාහයකින් ජයගන්න ලැබෙන්නෙත් නෑ. ආදරය කියන දේ නීත්‍යනුකූල ලේඛනයකින් පවරලා දෙන්නත් පුඑවන්ද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුඑවන්. මේ කාරණාව අපි හැමදෙනාම අත්විඳින පොදු අත්දැකීමක් කිව්වත් වැරදි නැහැ කියලයි මම හිතන්නේ.

නිලන්ත සදීෂාට අහම්බෙන් හමුවන සංචාරක මග පෙන්වන රියැදුරෙක්. විවාහ වී දරුවෙක් සිටින ආදරණීය දියණියකගේ පියෙක් විදිහට ඇය ඔහුව හ¾දුනා ගන්නවා.

ජීවිතයේ අපිට හමුවෙන සමහර චරිත හමුවන්නේ අහම්බයක් විදිහට. නමුත් සමහර අහඹු චරිත අපේ ජීවිතයට කරන බලපෑම වචනවලින් විග්‍රහ කරන්න බැහැ. සදීෂා කටුනායක ගුවන්තොටුපළෙන් අනුරාධපුරයට සිය පෙම්වතා බලන්නට පිටත්වන්නේ නිලන්ත නම් රියැදුරා එක්ක. ඒ චාරිකාව ලංකාවේ බොහෝ අෑත ක¾දු නිම්න, තැනිතලා, මුහුදු පසුකරලා ගමන් කරන කතාවක්. කිලිනොච්චිය, යාපනය, නුවරඑළිය, අම්පාර, මොනරාගල, බදුල්ල, අනුරාධපුර, පොළොන්නරුව, තංගල්ල, කතරගම, කුරුනෑල ආදී සුන්දර පළාත් පසුකර සුන්දර දර්ශන තල හරහා ගොඩනැඟෙන කතාන්දරයක්.

සරලය කිව්වොත් පැය එකහමාරක් තුළ විෂුවලි යන ටි්‍රප් එකක් කිව්වොත් හරි. අපේ ජීවිත සරල රේඛීයව ගමන් කරන්නේ නැහැ. විවිධ හැලහැප්පීම්වලින් ජීවිතයට ලැබෙන අත්දැකීම හරහා ගලාගෙන යන්නේ. සදීෂාගේ ජීවිතයට අනාරාධිතව මුණගැසෙන නිලන්ත මෙන්ම ඇගේ පෙම්වතා අදීෂ ඇගේ ජීවිතයට කරන බලපෑම මේ කතාව බැලුවොත් ඔබටත් දැනගන්න පුඑවන්.

නැවත නැවතත් ආදරය අපි හැමෝගෙම ජීවිත වටාත් තදින් සියුම් හුයකින් ගැට ගැහිලා තිබෙන බව කියන්න අවශ්‍ය නැහැ. ආදරය කියන්නේම බැඳීමක්. ආදරයට හැමදෙනාම ලෝබයි. ඒත් ආදරය කියන්නේ ඇත්තටම ලෝබකමකටද? එහෙම නැත්නම් ආදරය කියන්නෙ ඉවසීම හෝ දරා ගැනීමක්ද? එහෙමත් නැත්නම් ආදරය තවත් කෙනකුට කරන පරිත්‍යාගයක්ද? පියාඹන්න ආයෙත්, ආදරය ගැන ඒ වෙනස්ම හැඟීමක් එක්කරන කතාව ඔබට කියාවි.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ ෂර්ලි සමරසිංහ වේදිකා නාට්‍ය සහ රූපවාහිනි මාධ්‍ය ක්ෂේත්‍රයන් කලාවට එක් වී ඉන්පසුව ජාතික සහ ජාත්‍යන්තර ඇගයීම් ලබන කෙටි චිත්‍රපටකරුවෙක් ලෙසත් වෘත්තාන්ත චිත්‍රපටවල සහාය අධ්‍යක්‍ෂවරයෙක් සහ නිෂ්පාදන කළමනාකරුවකුගේ භූමිකාවලින් ඔහු සිනමාවට එකතු වෙනවා. නිෂ්පාදනයෙන් හා තිර රචනයෙන් යූ.ඒ. පල්ලියගුරු දායක වන මේ චිත්‍රපටයේ කැමරාකරණයෙන් ගයාන් දේවප්‍රිය ද සංස්කරණයෙන් නිරෝධ විරංග දායක වී තිබෙනවා. නව පරපුරේ අති දක්ෂ නළුවකු වන කලණ ගුණසේකර හා නව පරපුරේ ජනප්‍රිය නිළියක් වන චමත්කා ලක්මිණී මෙහි රංගනයෙන් දායක වනවා.

Road Movie ශානරයෙන් නිපදවා ඇති මේ චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වේවි යැයි අපිට හිතන්න පුළුවන්.