දුර්ලභ ශාකසාර සංයෝගයෙන් ‘සුදුකබර’  රෝගය සුව කරන්නේ මෙහෙමයි

0
10

 “මට සුදුකබර රෝගය වැලඳිලා කාලයක් ගියාට පස්සෙයි දරුණු විධියට මතු වුණේ. බලා ඉද්දිම ඇඟපුරා පැල්ලම් මතු වුණා. රජයේ රෝහල්වලින් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තා. ඒත් වැඩක් වුණේ නෑ. දැන් මේ ලෙඩේ සුවකර ගන්න බැහැ වගේ. හරිම හිතට වේදනයි.”

මෙහෙම ඇවිත් අපට කියන ලෙඩ්ඩු බොහෝමයි. ඇත්තටම කිව්වොත් ඒ ලෙඩ්ඩුන්ගේ පැත්තෙන් එම තත්ත්වයට මුහුණ දීලා තියෙන එක ගැන අපටත් කනගාටුයි. මෙහෙම වෙන්න ඒ ලෙඩ්ඩුන්ගේ පැත්තෙනුත් දැනුවත් නොවීමත් හේතුවක් වෙනවා. මේ කියන රෝගියාට මුල් අවස්ථාවේම එම රෝග ලක්ෂණ මතු වෙද්දී නිසි ප්‍රතිකාර ගත්ත නම්, නිසි තැනට යොමු වුණා නම් ඔහු හෝ ඇය සම්පූර්ණ සුවපත් වෙන්නෙ ඉතා කෙටි කාලෙකින්.

සමහරුන්ගේ කතාවලට අනුව ආයුර්වේද රෝහල්වලත් බොහෝ අය රැඳී ඉඳලා කාලයක් ප්‍රතිකාර අරන් තිබුණා. නමුත් රෝගය සුවවෙලා නෑ. ඇතැමුන් එක දිගට ප්‍රතිකාර අරන් නෑ. එහෙම මේ රෝගය සුව වෙන්නෙත් නෑ. කොහොම වුණත් හරි ප්‍රතිකාර නොලැබීම ප්‍රබලම හේතුවක්.

නමුත් ඇත්තටම මේ රෝගය සුව කළ හැකි ඉසිවරු ඉඳලා තියෙනවා. ඒ අය ඉසිවර දැනුමින්, ධ්‍යානලාභී දැක්මෙන් ඇතැම් බෙහෙත් නිර්දේශ කරලා තියෙනවා. ඒවා කාලයක් පටන් භාවිතයේ ඇවිත්, ප්‍රායෝගිකව අත්හදා බලා ලෙඩ්ඩු සුව කරපු අතීතයක් තියෙනවා. ඒ දැනුම පොතපතේ සටහන් වෙලා ඇවිත් අද වෙද්දී එවන් දැනුමැති – පළපුරුදු වෛද්‍ය පරපුරක් තවමත් ඉතිරි වී සිටීම වාසනාවක්. මේ ධ්‍යානලාභීන් ඇසුරින් මෙරටට ගෙනාව වෙදකමත් තියෙනවා. එවන් දේශීය වෙද පරපුරකින් තමයි අපි භාවිත කරන, ලෙඩුන් සුවපත් කරන වෛද්‍ය ක්‍රමය පැවැතෙන්නේ.

 මගේ වෙද පරම්පරාවේ පැරැන්නන් මේ ක්‍රමය සුරැකිව අරන් ඇවිත් මට දීලා ගිහින් තියෙනවා. ඒ අනුව තමයි අප දහස් ගණනින් එන මෙවැනි රෝගීන් සුවපත් කර හරින්නෙ. පැරැණි පුස්කොළ පොත්වලින් පෙරාගත් දැනුම අපි දිනපතා අත්හදා බලලා ප්‍රතිකාර කරලා අත්දැකීමෙන්ම දන්නවා ඒ ඒ රෝගියාගේ රෝග තත්ත්වයට කොහොමද ප්‍රතිකාර කරන්නෙ කියලා. ඒ විතරක් නෙවි කොයි තරම් කෙටි කාලයකින් එය කරන්න පුළුවන්ද කියලත් අප දැනුවත් කරවනවා.

මේ සඳහා යොදා ගන්නා ඇතැම් ඔසු පැළෑටි ඉතා දුර්ලභ ඒවා. බොහෝ එවන් පැළෑටි ලංකාවෙ ඇත්තෙත් නෑ. ඒ නිසා බොහෝ වෙහෙස මහන්සි වී ඉන්දියාවෙනුත් ගෙන්වා ගන්නා පැළෑටිවලින් අපි ඔසු සකසා ගන්නවා. ඒ සඳහා විවිධ ක්‍රම අනුගමනය කරනවා. මෙවැනි ඔසුවලින් හදාගන්නා රහස් තෙල් වර්ග කිහිපයක්ම තියෙනවා. අර කියපු පැරැණි දැනුමත් ඔසු ගුණයත් නිසා එය ලෙඩුන් සුවපත් කිරීමේදී මහත් වූ සහනයක්, ප්‍රතිඵලයක් ගෙනදෙනවා. ඒ අනුව අප ලෙඩා භාරගත් තැන පටන් රෝගයට විටින් විට විවිධාකාරයෙන් බැට දෙනවා. ශරීරයේ තත්ත්වයත් ගළපා ගනිමින් ඒ බෙහෙත් ඇඟට අල්ලා ගන්න ඕනෑ විදිහට අප භාවිත කරනවා.

රෝගියා අප වෙත ආ සැණින් ඔහුට වූ දේ ගැන නිවැරැදිව තොරතුරු අපට කියන්න ඕනෑ. එතකොට තමයි අපට බෙහෙත්වල මාත්‍රා අඩු වැඩි කරවලා ප්‍රතිකාර පටන් ගන්න හැකි වෙන්නේ. ඒ අනුව තමයි අප ඊළඟ ප්‍රතිකාරයට නොකඩවා යන්නෙ. ශරීරය තුළ වෙනසක් ඇතිවෙන විදිහට බාහිර හා අභ්‍යන්තර වශයෙන් ලබා දිය යුතු තත්ත්වයන් පවතිනවා. කොහොම නමුත් ලෙඩාගේ කැපවීම මත අපෙන් නිසි විදිහට අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගත්තොත් නිසැක වශයෙන්ම මේ රෝගය සුව කළ හැකියි.

වෛද්‍ය 

එච්.ඒ. හපුගස්පිටිය

චර්ම රෝග විශේෂ

055 5075285

077-9117602