කෙත රැකුමට ඉපැරණි කෙම් ක්‍රම

0
75

පාරම්පරිකව සිදු කරගෙන එන ගොවිතැන් බත බොහෝ දෙනෙක් තවමත් අතහැර නොමැත. ජනාකීර්ණ ප්‍රදේශවලින් ඔබ්බෙහි පිහිටි බොහෝ ගම්දනව්වල අදටත් දෙවිවරු මෙන් ගොවිවරු තමාගේ දෑතේ මහන්සියෙන් මහ පොළොව හා ගැටෙමින් ජීවිත සරුකර ගනිති. කෙත් වතු අස්වද්දති. පොළොව සරු කරවති. ඉවත දමන දඬුවක් වුවද දලු ලා වැවෙන මේ උතුම් පොළොවේ මුතු අහුරු මෙන් පලදාව උපදවති.

වර්තමානයේ බොහෝ දෙනා සුළු හෝ මහා පරිමාණ ලෙසින් සිදුකරන බොහෝ වගාවන් සිදුකරගෙන යන අතරතුරේදී මුහුණ දෙනු ලබන ගැටලුකාරීත්වයන් බොහෝමයක් සුමටව හා බලවත්ව ඉපැරණි බලවත් කෙම් ක්‍රමෝපායන් තුළින් මර්දනය සිදුකර ගන්නා ආකාරයන් පිළිබඳව මෙම ලිපියෙන් කරුණු කිහිපයක් ගෙනහැර දක්වමු. කිසිදු මූල්‍ය පිරිවැයකින් තොරව ඔබටත් ඔබේ කෘෂි වගාවන් ආරම්භයේ සිට පවත්වා ගෙන යෑමේදී භාවිත කළ හැකි මෙම ක්‍රමවේදයන් තුළින් ඔබට සහනය සලසා ගත හැකිවනු ඇත. මෙම ප්‍රතිකර්මයන් මෙතෙක් කිසිදු ප්‍රචාරණ මාධ්‍යයක් තුළින් ඉදිරිපත් නොකළ, එමෙන්ම ඉපැරණි පුස්කොළ පොතකින් උපුටා ගන්නා ලද කෙම් ක්‍රමයන්ය. නිසි ලෙසින් කිසිදු අඩුපාඩුවක් නොමැතිව සිදුකරන්නේ නම් නියත වශයෙන් උසස් පල ඉක්මනින් උදාකර ගත හැකි වන්නේය.

ගොයමට පීඩා කරන ගොයම් මැස්සන් හා වෙනත් කෘමි සතුන් පලවා හැරීමට

* කපුරු පෙති 10ක් පමණ

* අමු ගොම (ගවයන් පැයකට වත් පළමුව හෙළුෑ ගව වසුරු විය යුතුය)

* හොඳින් තළා පොඩිකර ගත් කොහොඹ ඇට

* එළු මුත්‍රා

මේ සියල්ල උදේ කපුටන් හඬන්නට පෙරාතුව නැවුම් මුට්ටියකට දමා එළු මුත්‍රාවලින් අනා,  බිම්එළිය වැටෙන යාමයේ වගාවට ගොස් දකුණු අතේ පිට අත්ලෙන් වගාවට ඉස, හිස් මුට්ටිය ගසාගෙන යන ජලය ඇති තැනක බිඳ දමන්න. කිසිවකුට වත් නොපෙනෙන අයුරින් සිදුකරන්න.

කටුස්සන් වගාව විනාශ කරනවාට

* වී ඇට ටිකක්

* වියළි හාල්මැස්සන් ටිකක්

* අමු කහ කැබැල්ලක්

* අබ තෙල් ටිකක්

* කුඩා ගෝනියක්

වියළි හාල්මැස්සන් අබ තෙලින් පොඟවා, වී ඇට, අමු කහ කැබැල්ල සමඟ ගෝනියක බහා ජලය ගලා යන තැනකින් එගොඩට පැන වගාවේ තරමක් උස ගසක ගැටගසන්න.

වඳුරන් – රිළවුන් වගාවන්ට පැමිණ

විනාශ කරනවාට

* වීදුරු කටු අහුරක් පමණ

* අමු ගොම පිඩක්

* ගෝනියක්

* සුදු හුනු ටිකක්

ගෝනිය ගෙන එය වටා අමු ගොම හොඳින් තවරන්න. තරමක් වේළුණාට පසුව කෙම්මුර බදාදා දිනක කතා නොකර ඊට උඩින් සුදු හුනු ඉසින්න. දැන් වීදුරු කටු ගෝනිය තුළට දමා අටවිසි පිරිත කියමින් ගොස් කිරි ගසක අත්තකට කොටා, පසුව කෙසෙල් ගසක ඉහළ අත්තක රඳවන්න.

පලා වගාවන්හි සුදු පුල්ලි හෝ පිටි මකුණන් පලවා හැරීමට

* සුදුලූනු පොතු

* රතුලූනු පොතු

* ගම්මිරිස් ඇට

* සැවැන්දරා මුල්

* කපුරු පෙති

* කුරුඳු කොළ

මේ සියල්ල සමව ගෙන හොඳින් කොටා ඉස්ම ගෙන, ඒ ඉස්ම සතියක් පමණ හොඳින් වසා තබන්න. දැන් සතියකින් පසුව සිහින් පෙරනයකින් පෙරා ගන්න. දැන් ඉසින්නට පෙර පිත්තල හෝ තඹ භාජනයක් ගෙන එයට යකඩ කැබැල්ලකින් ගසමින් ශබ්ද කරමින් සමස්ත වගාව පුරා වරක් ගොස් දෙවනුව, පෙර සකසාගත් දියර වට්ටෝරුව වගාව පුරා කතා නොකර ඉසින්න. දින දෙකකින් සියල්ල දුරුවේ.

වගාවන්හි ඇස්වහ – කටවහ නිසා වන හානි දුරුකර ගැනීමට

* එක නැට්ටේ දෙහි ගැට තුනක්

* රතු මල් මාලයක්

මෙය බලවත් ශාන්ති කර්මයකි. ජන්මීන්ට පවත්නා ඇස්වහ-කටවහ ‍ෙදා්ෂ හරණයටත් මෙම ක්‍රමවේදය තරමක් වෙනස් කොට යොදා ගැනෙනු ඇත. මෙම දෙහි ගැට “සබ්බ පාපස්ස අකරණං” ගාථාවෙන් 108 වාරයක් ජීවම්කර කාටවත් නොදන්වා හිමිදිරියේම වගාව මැද කරුවක් සහිත දණ්ඩක් සිටුවා එහි රඳවන්න. රතු මල් මාලාවද එහි රඳවන්න. සියලු ඇස්වහ-කටවහ ‍ෙදා්ෂ දුරුවේ.

වගාවට, ගොවිතැනට හිතැති ඔබ මෙම කෙම් ක්‍රමයන් යොදා ගනිමින් දිවිය සරුකර ගන්න. ඔබට තෙරුවන් සරණයි.

ජේ‍යාතිෂවේදී, හස්ත රේඛා ශාස්ත්‍රඥ වාස්තු විද්‍යාවේදී

කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සුරවීර, දෙහිඕවිට

078-3905546