ඇඟිලි තුඩුවලින් නිල තෙරපා ක්ෂණිකව සුවපත් කළ හැකි අංශභාග රෝග කිහිපයක්

0
8

දැනට මේ රටේ පවත්නා වෛද්‍ය ක්‍රම අතුරෙන් රජයේ ආරෝග්‍ය ශාලාවලින් කෙරෙන වෙදකම ඉංග්‍රීසි ක්‍රමයට සැකසුණු එකක්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාලවලින් බිහි කෙරෙන වෙදකම බොහෝ සෙයින්ම ඉන්දියාවේ සංස්කෘත ග්‍රන්ථ ආශ්‍රයෙන් පහළ වූ  එකක්. මේ ක්‍රම දෙකටම වෙනස් වූ මේ රටේම පහළ වූ පරම්පරාගත වට්ටෝරු වෙදකමක්ද තියෙනවා.  එය මුල කී දේට වඩා මේ රටට ආවේණික, ගැළපෙන, මේ රටේම ඇතිවූවක්. බොහෝ අය එහි අගය දන්නේ නෑ. මේ කියන පැරැණිතම හෙළ වෙදකම කරන එයින් පර්යේෂණය කර වෙදකම දියුණු කර ගත් පරපුරකින් තමයි මේ දැනුම අපට එන්නේ. ඒකයි අපි එම වෙදකමේ එන සියලුම සන්ධිගත රෝග නිට්ටාවටම සුව කරන්නේ.

සන්ධිගත රෝගවලදී අපටම ආවේණික ප්‍රතිකාර ක්‍රමයක් හා සත්කාර ක්‍රමයක් පැවැත එන්නේ පුරාණයේ සිටයි. ඒ නිසා ඒවා වරදින්නේම නෑ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මේ වෙදකමට ලෙඩා ජීවත් කරවීමේ ගුණය වැඩියි. ඒ කියන්නේ මැරෙන ලෙඩ්ඩු අල්පයි.

ත්‍රිංසත් භිසංගයෙහි එන මෙම ශ්ලෝකය බලන්න. එහි කියැවෙන සත්‍ය විඳින්න. අවබෝධ කරගන්න.

“සත්වන්සරේ‍යාද ප්‍රිෂ්ටෙ සත්මාසෙ මතිබන්ධතෙ

ත්‍රිමාසෙ කර්ණ මූලෙව මාංශධේතු ලලාටකෙ

භ්‍රසුහ්මෙත වදින ද්වෙවයප්න ස්කන්ධං

තථෛව චපංච වක්ෂාත්‍රී නාසා විජක ජිව්හා

තජීවනි ඔන්නම– ඉඟින කර්ණාසි සිද්ධිස්වාහ”

මෙහි සිංහල අර්ථය සරලව කියතොත් මෙහෙමයි.

වෙදහු මේ මන්ත්‍රය ජපකොට බලා සිටි කල්හ ආතුර තෙම පිටිපතුල ගති නම් අවුරුද්දක් මුළුල්ලේ ජීවත් වන්නේය.

වළලුකර සන්ධිය ගතිනම් සමසක් මුළුල්ලේ ජීවත් වන්නේය. කණමුල ගතිනම් තුන්මසක් මුළුල්ලේ ජීවත් වන්නේය. නළල ගතිනම් අර්ධ මාසයක් මුළුල්ලේ ජීවත් වන්නේය. බැම යුග ගති නම් නව දවසක් මුළුල්ලේ ජීවත් වන්නේය. සිරස ගති නම් සත් දවසක් ජීවත් වන්නේය. ඇස ගති නම් පස් දවසක් ජීවත් වන්නේය. නාස ගති නම් තුන් දවසක් වන්නේය. දිව ගතිනම් එයින්ම එක දවසකින්ම ජීවත් නොවන්නේය.”

ලෙඩකු පරික්ෂා කර බලන තත්පරයෙදිම වෙදකුට මෙහෙම කියන්න පුළුවන් වෙන්නේ අපේ මේ පැරැණි වෙදකමට අනුවයි. ඉතින් ඒ බව දන්නා ඉසිවර වෙදැදුරා ලෙඩා ගොඩදාන්නේ ඊටත් වඩා බලවත් ප්‍රතිකාරයක්, සත්කාරයක් මඟිනුයි.

අංශභාග රෝග තත්ත්වයට පත්ව එසේ අකාලයේ මියගිය අයත් නැතිවාම නොවේ. එහෙත්  එහෙම මැරෙන්න අපේ වෙදකමට අනුව ඉඩ දෙන්නේ නෑ. ඉතා ඉක්මනින් ලෙඩා ඉන් මුදාගෙන දෙපයින් නැඟිටුවා ඇවිද්දවනවාමයි.

අංශභාගය රෝගය හැදීමට කරුණු කිහිපයක්ම බලපානවා. නහර තැළීම, ලේ කැටි ගැසීම, නහර පිපිරීම, සන්ධි තද වීම, අධික කෝපය, ශෝකය, කල්පනා කිරීම, දුම්පානය, බුලත් විටි හැපීම, අධික තරබාරුව, දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, මත්පැන් පානය, නිදිමැරීම, ආහාරවල ගුණය නැතිවීම, නිතර නිතරම ආහාර ගැනීම, ව්‍යායාම නැතිවීම, අධික භය, මල මුත්‍රා නිසිලෙස බැහැර  නොවීම, වෙහෙසකාරී බව ආදී කරුණු මීට හේතු වශයෙන් දක්වන්න පුළුවන්.

අපේ වෛද්‍ය ක්‍රමයට අනුව නිල ප්‍රතිකාර ප්‍රබලම ක්‍රමවේදයක්. එයින් රෝගය ඉතා ඉක්මනින් සුව කළ හැකියි. අංශභාග රෝගය වැලඳුණු රෝගියකු පළමු සතියෙන්ම අප වෙත රැගෙන ආවොත් එම රෝගියාව විනාඩි 5න් සුවකළ අවස්ථාද තියෙනවා. ඒ ඒ රෝගියාගේ රෝගයේ අවස්ථා හා තත්ත්වය මතයි. ඒ නිසා රෝගියා දැක පරීක්ෂා කිරීම අනිවාර්යයි. නමුත් අප වෙත රෝගීන් ගෙන එන්නේ බොහෝ කල්ගත වී ඉතා අමාරු තත්ත්වයට වැටුණාට පසුවයි. ඒ වුණත් ඒ එන සෑම රෝගියකුම පූර්ණ සුවයට පත් කළ හැකි විස්කම් පාරම්පරික වෙද සත්කාරයක් අප සතුයි.

වෛද්‍යවරයා හමුවිය හැකි ස්ථාන මෙසේය.

අඟහරුවාදා _ අතුරුගිරිය සහ නිට්ටඹුව, බදාදා – රත්නපුර, සිකුරාදා _ මහනුවර අඹතැන්න, සෙනසුරාදා – වෙන්නප්පුව, ඉරිදා _ මහනුවර අඹතැන්න

 සුලක්ඛන ජයවර්ධන

වෛද්‍යාචාර්ය,

ජයන්ත බණ්ඩාර

අංකුඹුර,

රාමකොටුව

072-4464957

071-6080849