අභයභූමිවලට මුදා හරින ගවයන්ට කරන්න යන දේ

0
16

අභයභූමි හා රක්ෂිත වනාන්තරවලට මුදාහැරෙන ගවයන් අල්ලා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ. ගොවිපොළවලට භාරදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම, වන සම්පත් හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

අභයභුමිවලට මුදාහරින ගවයන් හේතුවෙන් එම වනාන්තරවල වෙසෙන සතුන්ට ආහාර හිඟවීමත් වන අලි ගම්වැදීමට එය හේතුවක් බවත් වනජීවී නිලධාරීන් පෙන්වා දී තිබේ.

යාල, විල්පත්තු,  ලුණුගම්වෙහෙර, උඩවලවේ, කැබිලිත්ත වැනි වනාන්තරවල මේ තත්ත්වය බහුලව දැකිය හැකිය.

හම්බන්තොට, මොනරාගල අම්පාර වැනි දිස්ත්‍රික්කවල ගව පාලනයේ යෙදෙන ගොවීන් බොහෝ විට තණබිම් හිඟවීම හේතුවෙන් තම ගව රංචු අභයභූමි හා වනාන්තරවලට මුදාහරින බව හෙළිවී තිබේ.

දැනට කිරි ගවයන් හිඟකම නිසා දෛනිකව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා මිල්කෝ සමාගමට ලැබෙන කිරි ප්‍රමාණය අඩුවීමක් පවතින බවත් මෙයින් ඊට විස¾දුමක් ලැබෙනු ඇති බවත් පසුගියදා වන සම්පත් දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී යෝජනා වූ අතර ඊට අමාත්‍ය මහින්ද අමරවීර මෙන්ම සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව හිමිවී තිබේ.

විනීතා එම්. ගමගේ