අනාගතය විනිවිද දැකපු අරුම පුදුම කාටූනය The Simpson

0
590

 “අතීතයේ කුමක් වන්නට ඇතිද?” යන්න ගැන ඒ පිළිබඳ ඉතිරිව ඇති සියුම් සාක්ෂියකින් හෝ කාලාන්තරයක් තිස්සේ කටවහරින් ගලා ආ කතාවකින් හෝ අපට අනුමාන කළ හැකියි. නමුත්, අනාගතේ මොන වගේ දේවල් සිදුවීමට නියමිතද යන්න අපි කවුරුත්ම දන්නේ නැහැ. එය පුරෝකථනය කිරීම ඉතා අසීරු දෙයක්. ජේ‍යාතිෂය විද්‍යාවට අනුව කේන්දර, හස්ත රේඛා වගේ දේවල්වලින් අනාගතය ගැන අනාවැකි කියූවද එම අනාවැකි  කොයිතරම් දුරකට සත්‍යය වෙනවාද යන්න පිළිබඳ ඇත්තේද සංශයක්ම පමණයි. මොකද එසේ කියූ අනාවැකි හරියටම සිදුවුණු වගේම, මුළුමනින්ම අසත්‍ය වුණු අවස්ථාවද අප හැමෝම අත්දැකීමෙන්ම දන්නවා.

ඒ වුණත් අතීතයේ විවිධ ධ්‍යාන පිහිටුවා මාර්ගඵල ලබාගත් ඍෂිවරු අනාගතය දැකලා ඒ ගැන නිවැරැදිවම අනාවැකි කියලත් තියෙනවා. අනාගතය ගැන යම්තාක් දුරට නිවැරැදිව අනාවැකි කියපු බබාවැන්ගා, නොස්ට්‍රොඩොමස් වගේ ප්‍රසිද්ධ පුද්ගලයනුත් ඉන්නවා. ඔවුන් කියපු අනාවැකි අතරින් බොහොමයක් අද වෙද්දි සැබෑ වෙලත් තිබෙනවා. හැබැයි ඉතින් මේ හැකියාව හැමෝටම නැහැනේ. ඒ නිසා අපට අනාගතයේ ගැන දැනගන්න නම් කාල යන්ත්‍රයක් හදාගෙන අනාගතයට යන්නම වෙනවා.

හැබැයි බැරිවෙලා හරි තමන්ගේ ගෙදර සාලෙට වෙලා රූපවාහිනිය නරඹන ගමන් ඒ රූපවාහිනි තිරයෙන්ම අනාගතයේදී සිදුවෙන දේවලුත් බලන්න පුළුවන් වුණොත්? එහෙම වෙන්නෙ නම් ඉතින් පොත්වල, රූපවාහිනි ප්‍රබන්ධ කතාවල විතරක් කියල ඔබ සිතාවි. නමුත් තවදුරටත් ඒක එහෙම නැහැ. මොකද වර්තමානයේ සිදුවුණු බොහොමයක් සිදුවීම් ඉතාමත් නිවැරැදිව වසර ගණනාවකට පෙර පෙන්වපු රූපවාහිනි වැඩසටහනක් තිබෙනවා. ඒකත් ළමා කාටූන් මාලාවක්.

වයස් භේදයකින් තොරවම අපි කවුරුත් හරි ආසාවෙන් නරඹන ස්කූබි ඩූ, ටොම් ඇන්ඩ් ජෙරි, ටිං ටිං, සූරපප්පා වගේ ලෝක ප්‍රකට වුණ කාටූන් අදටත් අපේ මතකයෙ රැඳිල තිබෙනවා. ලංකාවෙ අපිට එතරම් හුරු පුරුදු නැති වුණත් “සිම්සන්” (The Simpson) කියන්නෙත් අන්න ඒ වගේම ලෝක ප්‍රකට වුණ කාටූන් කතා මාලාවක්. මේකෙ පෙන්වන බොහොමයක් දේවල් ඉදිරි කාලයෙදි සැබෑ ලෝකයේ ඒ ආකාරයෙන්ම සිදුවුණු නිසා ලෝකයා අතර ඉමහත් ආන්‍ෙදා්ලනයක් ඇති කරන්න මේ කාටූන් මාලාව සමත් වුණා.

1989 වසරෙ දෙසැම්බර් 17 වැනිදා ආරම්භ වූ මේ කාටූන් කතා මාලාව කෙතරම් ජනතාව වැලඳ ගත්තද කිව්වොත් අද වනවිට එය වසර විසි ගණනක් පුරා අදියර 32ක් තුළ 673ක විකාශන කාලයක් සම්පූර්ණ කරලා තිබෙනවා. මේක ඇමරිකාවෙ “ජ්ධය” කියන නාළිකාවෙන් විකාශනය කරන ඇනිමේෂන් වර්ගයේ කාටූන් මාලාවක්. IMDB දර්ශකයෙ 8.7ක පමණ ඉහළ අගයක් ගන්න මේ කාටූන් මාලාව රචනා කරන්න පටන් අරන් තිබෙන්නෙ “මැට් ග්‍රොනින්” කියන රචකයා.

එහෙත්  පසුකාලීනව මේක රචනා කරන්න තවත් කිහිපදෙනෙක්ම දායකවෙලා තිබෙනවා. ඇමරිකාවේ “ස්ප්‍රින්ෆීල්ඩ්” නගරයේ ජීවත් වෙන සිම්සන් කියන මධ්‍යම පාන්තික පවුල වටා තමයි මේ කතා මාලාව ගෙතිල තිබෙන්නේ. මේ හරහා ඇමරිකාවෙ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවන රටාව උපහාසාත්මකව හාස්‍යට ලක් කිරීම හරහා මිනිස් හැසිරීම් වක්‍රාකාරව පෙන්වන්නත් මේ හරහා ඔවුන් කටයුතු කරනවා.

ඇමරිකාවේ ජීවත් වෙන සාමාන්‍ය පවුලක් වටා ගෙතෙන මේ කතා මාලාවෙන් පෙන්වපු වර්තමානයේ සැබෑ වුණු සිදුවීම් බොහොමයක් තිබෙනවා. අද අපි කතා කරන්නේ අනාගතේ ගැන බොහෝ අනාවැකි කියපු සජීවීකරණ වැඩසටහනක් විධියට හ¾දුන්වන සිම්සන් කාටූන් මාලාව වසර ගණනාවකට පෙර පෙන්වපු සියයට සියයක්ම නිවැරැදිව සිදු වුණු සිදුවීම් කීපයක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා

ජනාධිපති ධුරයට පත් වීම:-

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාව අද වෙද්දි නොදන්න කෙනෙක් නැති තරම්. තමන්ගේ ධුර කාලය තුළ ඔහු නිරන්තරයෙන්ම පුවත් මවන්නෙක් බවට පත් වුණා. අද වෙද්දි මුළු ලෝකයම දැනගෙන හිටියත් මීට අවුරුදු 20කට විතර පෙර අතීතයට ගිහින් ඇමරිකානු පුරවැසියෙක්ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ කවුද කියල ඇහුවොත් ඔහුව හ¾දුනන පිරිස ඉතා අල්පයක් වේවි. මොකද ඒ වෙද්දි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් විතරයි.

 අන්න ඒ වගේ කාලෙක මේ සිම්සන් කතා මාලාවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති ධුරයට පත්වෙන බවට අනාවැකියක් පළ කරල තිබෙනවා. 2000 අවුරුද්දේ විකාශය වුණු සිම්සන් කාටූන් කතා මාලාවෙ “ Bart to the Future” කියන කොටසෙ ඩොනල් ට්‍රම්ප් මහතාගෙ වර්තමාන ස්වරූපයට බෙහෙවින්ම සමාන පුද්ගලයෙක් ඇමරිකානු ජනාධිපති වෙනව කියල පෙන්වල තිබෙනවා.

මේ සිදුවීම සිම්සන් කාටූන් මාලාවෙන් 2000 වසරේදි පෙන්නුවත් ඇත්තටම ට්‍රම්ප් මහතා ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත් වෙන්නේ 2016 අවුරුද්දේ. ඒ පමණක් නෙවෙයි මේ දර්ශනයෙ සිටින රාජ්‍ය ලේකම්වරියත් ට්‍රම්ප් මහතා ජනාධිපති වෙනකොට සිටි හිලරි ක්ලින්ටන් මහත්මියට බෙහෙවින් සමානයි. මීට අමතරව සිම්සන් කාටූනය ඉන් නොනැවතී, ට්‍රම්ප් මහතා ජනාධිපති ධුරයට පත් වුණාට පසුව පඩි පෙළකින් බැස යන ආකාරයද  වසර 16ට පෙර ඒ ආකාරයෙන්ම පෙන්වල තිබෙනව.

එය කොයිතරම් පුදුමසහගතද කියනවා නම් ජනාධිපතිවරයා පඩිපෙළ බහින අතරතුර ඔහුට සුබ පතන්න පැමිණි පුද්ගලයෙක් අතේ තිබුණු කොළයක් බිම වැටෙන විධිය පවා ඊට වසර 16ට පෙර සිම්සන් කාටූනයේ ඒ ආකාරයෙන්ම දර්ශනය කරලා තිබෙනවා.

ව්‍යාපාරිකයෙක් නිසා ඔහුට ජනාධිපති ධුරයට තරග කරන්න අදහසක් තිබුණා වෙන්න පුළුවන් වුණත් වසර 16ට පෙර වර්තමානයේ ඔහුගේ රුවට අතිශයින් සමාන රුවකින් මේක පෙන්නුවෙ කොහොමද? මේක සිම්සන් කරන අනුමානයක් නම් බහින පඩිපෙළ, රාජ්‍යය ලේකම්වරිය විතරක් නෙවෙයි, සුබ පතන්න පැමිණි මිනිසෙක් අතින් වැටෙන කොළය පවා නිවැරැදිව පෙන්වන්න පුළුවන් වුණේ කොහොමද?

9/11 ප්‍රහාරය:-

1997 සිම්සන් කාටූනය විකාශය කරපු කොටසක මේ පවුලේ සාමාජිකයෙක් “ NEW YORK” කියල ලියපු පොතක් පෙන්වනවා. මේ පොතේ කවරෙ නිව්යෝර්ක් කියන වචනෙට පහළින් 9 ඉලක්කම ලොකුවට අනාවරණය වෙන්න දාල ඒකට වම් පැත්තෙන් ඩොලර් ({) සලකුණ යොදල තිබෙනවා. මේ නවයෙ ඉලක්කමට දකුණු පැත්තෙන් පසුබිම් දර්ශනයෙන් පෙනෙන විධිහට එක ළඟින් තිබෙන ගොඩනැඟිලි දෙකකුත් පේන්න තිබෙනවා. බැලූ බැල්මටම ගොඩනැඟිලි දෙකක් වගේ පෙනුණට මේක හරියට නිකන් 11 ඉලක්කම සංකේතාත්මකව යොදා ගත්ත අවස්ථාවක් වගෙත් පේනව.

අපිට මේ 9/11 කියන දේ ගැන ඒතරම් අවධානයක් නැති වුණාට මේක ඇමරිකාවට නම් නොමැකෙන අ¾දුරු දවසක්. ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ තිබෙන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ද්විත්ව ගොඩනැඟිල්ලට 2001 වසරේදී විශාල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. විශාල පිරිසකට ජීවිත අහිමි කරමින් මේ ප්‍රහාරය එල්ල වුණේ 2001 සැප්තැම්බර් 11 වැනිදා. ඒ කියන්නෙ 2001 09 වැනි මාසේ 11 වැනිදා. ඒ නිසාම මේ ප්‍රහාරය හඳුන්වන්නෙ Nine eleven attack “ (9/11 Attack) කියලා.

ඒ අනුව  මේ සිම්සන් කාටූන් කතා මාලාව මේ සිදුවීමද  1997දී ප්‍රදර්ශනය කර තිබෙනව. ඔවුන් කොයිතරම් නිවැරැදිව එය  පෙන්නුවද කියනවනම් දිනය, ස්ථානය වගේම ප්‍රහාරය එල්ල වුණු ගොඩනැඟිලි දෙක පවා පැහැදිලිවම පෙන්වල තිබෙනවා. 2001 වසරේදී සිදුවීමට නියමිත  සිදුවීමක් ඔවුන් කොහොමද මේ තරම් නිවැරැදිව ඊට වසර කිහිපයකට පෙර පෙන්නුවෙ කියන එක නම් අදටත් ප්‍රශ්නාර්ථයක්.

වීඩියෝ කෝල්:-

පසුගිය සමය පුරාම මුළු ලෝකයම භීතියට පත් කරමින්, මිනිසුන්ගේ සංචරණය සහ දෛනික ජීවිතය බොහොම සීමිත වපසරියකට කොටු කරමින් පැතිරී ගිය කොවිඩ් – 19  වසංගතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ගියා. එම තත්ත්වය නිසා අධ්‍යාපන කටයුතු වගේම රැකියා කටයුතුත් නිවෙසට වී පරිගණක, දුරකථන ආශ්‍රයෙන් සිදුකරන්න අපට සිදුවුණා. මේ නිසාම විවිධ රැස්වීම්, සම්මුඛ පරීක්ෂණ පවා පැවැත්වීමට සිදු වුණේ මාර්ගගත ක්‍රමය (online) තුළිනුයි.

මේ හැම කටයුත්තක්ම සාර්ථකව, පහසුවෙන් කරගැනීමට, අනෙක් පස සිටින පුද්ගලයා නිරීක්ෂණය කරමින් කතා කරන්න පුළුවන් තාක්ෂණය ඉතාම වැදගත් වුණා.

“ Video call “ ගැනීමේ

තාක්ෂණය අපිට ලැබුණේ මෑත කාලයකදී වුණත් සිම්සන් කාටූන් මාලාවෙන් වසර ගණනාවකට ඉහතදි, ඒ කියන්නේ 1995 අවුරුද්දේ මුහුණ බලාගෙන වීඩියෝ කෝල් ගන්නා ආකාරය පෙන්වල තිබෙනවා. සාමාන්‍ය ස්ථාවර දුරකථනයකට සවි කරපු මොනිටරයක් වගේ උපකරණයකින් වීඩියෝ කෝල් ගන්න ආකාරය ඔවුන් තමන්ගේ කාටූනයෙන් පෙන්වලා තිබෙනවා. එහෙම බලන් යද්දි කාටූන්වල පෙන්වන කවදාවත් සිදුවිය නොහැකි බව සිතෙන මේ වගේ සමහර දේවල් අනාගතේ දවසක නිර්මාණය වෙන්නත් බැරි නැහැ. හැබැයි සිම්සන් කාටූනය බලල නව නිර්මාණ ශිල්පීන් තමන්ගේ නිර්මාණවලට අදහස් ගන්නවද එහෙමත් නැත්නම් මේකත් ඔවුන්ගේ සැබෑ වුණු අනාවැකියක්ද කියන එක නම් ගැටලුවක්.

ඩිස්නි සමාගම විසින්

ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස්

ආයතනය මිලදී ගැනීම:-

ඩිස්නි සමාගම කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් විනෝදාස්වාදය සපයන සජීවීකරණ කර්මාන්තයේ වඩාත්ම ප්‍රසිද්ධ නම් අතර ඉහළින්ම සිටින ආයතනයක්.  “වෝල්ටර් එලීස් ඩිස්නි“ මහතා තමයි 1923 ආරම්භ කරපු මේ ආයතනයේ නිර්මාතෘවරයා වෙන්නේ. ඩිස්නි කියපු සැණින්ම කාගෙත් මතකයට එන මිකී මවුස්, ඩොනල්ඩ් ඩක්, ටින්කර් බෙල්, පීටර් පෑන් කියන්නෙ ඩිස්නි සමාගමත් සමඟ ආරම්භ වුණ සුප්‍රසිද්ධ චරිත ගොන්නෙන් ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි.

“ 20 බඩ ඛ්ඥදබභපර ජ්ධය “ සමාගම කියන්නෙත් බොහොම ජනප්‍රිය වුණු චිත්‍රපට රාශියක්ම නිෂ්පාදනය කරපු සමාගමක්. Ice Age,The Boss Baby, Kung Fu Panda වගේ චිත්‍රපට ඒ අතරින් කිහිපයක්. මේ ආයතනයේ හිමිකරු වෙන්නේ “රූපට් මර්ඩොක්”. චන්ද්‍රිකා විකාශන සමාගමක් වෙන ස්කයි (Sky) කියන ආයතනය ඇතුළේ තමයි මේ ෆොක්ස් සමාගමේ 30%ක කොටස් වගේම ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් චිත්‍රාගාරයත් තියෙන්නේ.

ඉතින් මේ වගේ ලොකු වටිනාකමක් තිබෙන ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් ආයතනය ඩොලර් කෝටි පන්දහස් දෙසිය හතළිහකට (බිලියන 52.4)ට ඩිස්නි සමාගම විසින් මිලදී ගන්නවා. 2017දී මීට අදාළ සාකච්ඡාවන් ආරම්භ කර 2019 වෙද්දි 100%ම වෝල්ට් ඩිස්නි සමාගම ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් ආයතනය තමන් සතු කර ගන්නව. මෙය සිදුවන්නේ 2017 අවුරුද්දේ. හැබැයි සිම්සන් කාටූනය මේක 1998දී ඔවුන්ගේ කතා මාලාවෙන් ප්‍රදර්ශනය කර තිබෙනවා. එතැනදි ඔවුන් ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගමේ ලෝගො එක මාර්ගයෙන් ව්‍යංගාර්ථයෙන් පවසනවා ඩිස්නි සමාගමත්, ෆොක්ස් සමාගමත් එකම ලෝගො එකක් යටතට පැමිණෙන බව. ඉතින් ඔවුන් කොහොමද 2017 වෙන සිදුවීමක් 1998දී නිවැරදිවම කිවුවේ?

ඔටෝ කරෙක්ට් තාක්ෂණය සහ

ටැබ් පරිගණක:-

ජංගම දුරකථන, නවීන තාක්ෂණය සමඟ වර්තමානයේ අපි බොහොම තදින් බැඳිල ඉන්නවා. ටැබ් එක කියන්නෙත් ඒ වගේ අපට සමීප උපකරණයක්. මෙ උපකරණ භාවිත කරද්දි අපට එන ප්‍රධාන ගැටලුවක් තමයි “නිවැරැදි ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය” කියන්නේ. කාර්යබහුලත්වය නිසා  රාජකාරි ලියවිල්ලක මේවගේ අතපසුවීමක් වුණොත් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසාම 2005 අවුරුද්දෙදී “ඔටෝ කරෙක්ට්” තාක්ෂණය හරහා මේ ගැටලුව විසඳන්න තාක්ෂණික සමාගම් සමත් වෙනවා.

මේ තාක්ෂණය අපිට ලැබෙන්නේ 2005 වසරේදී වුණත් සිම්සන් කාටූනය මේක 1994දී පෙන්වලා තිබෙනවා. මේ කොටසෙදි,  “කාටූන් චරිතයක් ටැබ් එකක් වගේ උපකරණයක ලයිට් පෙන් එකකින් ලියනවා. එසේ ලියන විට ඔහු අතින් විවිධ අකුරු වැරැදියට ලියවෙනවා. නමුත් ඒ වැරදුණු අකුරු ටැබ් එකෙන් ස්වයංක්‍රියවම නිවැරදි කර ගන්නව දකින්න පුළුවන්.” ස්මාර්ට් දුරකථනයක්වත් ටැබ් එකක්වත් හඳුන්වාදී නොතිබුණු ඒ වගේ කාලයක ඔවුන් කොහොමද මෙහෙම දෙයක් පෙන්නුවෙ?

කෝබ් බ්‍රයන්ට්ගේ හෙලිකොප්ටර් අනතුර:-

2020 ජනවාරි 26 ලෝකෙ බාස්කට් බෝල් ක්‍රීඩකයන්ට වගේම රසිකයන්ටත් අමතක නොවන ඉතාම දුක්බර දවසක්. ඒකට හේතුව තමයි සුපිරි පාපන්දු ක්‍රීඩක කෝබ් බ්‍රයන්ට්ගේ හදිසි වියෝව. එන්.බී.ඒ. ඉතිහාසයේ වඩාත්ම දක්ෂ ක්‍රීඩකයකු විධියට සැලකෙන මොහු 2008 හා 2012දී ඇමරිකා එක්සත් ජනපද පිරිමි පැසිපන්දු සඳහා ඔලිම්පික් රන් පදක්කම් පවා හිමි කරගත්තා. මේ සුපිරි ක්‍රීඩකයා තමන්ගේ වයස අවුරුදු 13ක දියණිය සමඟ පුහුණුවීමක් සඳහා තමන්ගෙ හෙලිකොප්ටර් යානයෙන් ගමන් කරමින් ඉද්දි කාර්මික

‍ෙදා්ෂයක් නිසා මේ යානය පිපිරිලා කඩන් වැටෙනවා. මේ අනතුරෙන් කෝබ් බ්‍රයන්ට් වගේම ඔහුගේ දියණියත් මියයනව. මෙන්න මේ අනතුරත් සිම්සන් ඒ ආකාරයෙන්ම 2012 දෙසැම්බර් 28 පෙන්වලා තිබෙනවා. මේ විධිහට සිම්සන් කාටූනයෙන් පෙන්වපු පසුකාලීනව ඒ ආකාරයෙන්ම සිදු වුණ තවත් සිදුවීම් අතරින් කීපයක් තමයි මේ,

 “Smart watch” භාවිතය සිම්සන් කාටූනයේ 1995 වසරේ season – 3 / Episode -1 දී පෙන්වන අතර 2014දී සැබෑවක් වෙනවා.

රෝයි හෝන් (Roy Horn) නම් වූ ප්‍රසංග පවත්වන ප්‍රසිද්ධ මැජික් ශිල්පියා ඔහු ඇති කරපු සුදු කොටියගේ පහර කෑමට ලක්වන ආකාරය  කාටූනයේ 1993දී S Season – 5 / Episode – 10 පෙන්වන අතර අවාසනාවන්ත විධිහට 2003දී එයද සැබෑවක් වුණා.

“Benget R Holstrom”  නම් පුද්ගලයෙක් නොබෙල් ත්‍යාගයක් දිනා ගන්න විධිය 2010දී Season – 22 / Episode – 1 පෙන්වන අතර 2016දී සැබෑ වෙනවා.

කොරෝනා නමින් වයිරසයක් ජපානයෙන් ව්‍යාප්ත වී, ලෝකය පුරාම පැතිරෙන ආකාරය  1993දී Season – 4 / Episode – 21 දර්ශනය කරන අතර 2019දී සැබෑ වෙමින් චීනයෙන් වාර්තා වෙනවා.

* Electric Voting Machine භාවිතය වගේම එක් යන්ත්‍රයක් වැරැදි ප්‍රතිඵල සටහන් කිරීමක් කාටූනය 2008දී Season – 20 / Episode – 4  පෙන්වන අතර 2012දී ඒ සිදුවීමත් එලෙසින්ම  සිදු වෙලා තිබෙනවා.

කාටූනයෙන් පෙන්වපු සැබෑ වුණු තවත් ඕනෑ තරම් සිදුවීම් අපිට හොයාගන්න පුළුවන්. ඒත් මිනිසුන් විසින්ම නිපදවන මේ වගේ කාටූනයකින් මේ තරම්ම නිවැරැදිව අනාගතය කියන්නෙ කොහොමද? බොහෝ දෙනෙක් පවසන්නේ නම් මෙහි රචකයන් කාලතරණය කොට පැමිණි පිරිසක් බවයි. තවත් පිරිසක් පවසන්නෙ මේක අහඹුවක් කියලයි. ඒ අතර මොවුන් ලෝකය පාලනය කරන බවට සැලකෙන “ඉලුමිනාති“ සංවිධානයේ පිරිසක් කියන කොටසකුත් සිටිනවා.

හැබැයි රචකයන් නම් කියන්නේ හිතාගන්නත් අමාරු කතාවක්. ඔවුන් කියන විදිහට විශ්වයේ භාෂාව වෙන්නෙ ගණිතය. මිනිසා වටා සිදුවෙන හැම දෙයක්ම ගලාගෙන යන්නේ යම් ගණිතමය න්‍යායකට අනුව බවයි. එමෙන්ම ඔවුන් මේ කතා මාලාව රචනා කළේද සම්භාවිතාව මත පදනම් වුණු ගණිතමය න්‍යායන් තුළින් බවත් තමයි ඔවුන් පවසන්නෙ. සිම්සන් කාටූනයේ රචකයන් හැමෝම ගණිත විශාරදයන් නිසා මේ කතාව නිකන්ම බැහැර කරන්නත් බැහැ.

සාමාන්‍යයෙන් කාටවත් 100%ක් නිවැරැදිව අනාගතය කියන්න බැරි වුණත් සිම්සන් කාටූනය කියපු බොහොමයක් දේවල් 100%ම නිවැරැදිව සැබෑ වෙලා තියනවා. ඒ වගේම ඉදිරි අනාගතේදී සැබෑ වෙන්න පුළුවන් කියල විශ්වාස කරන 3 වැනි ලෝක යුද්ධය, සොම්බි මිනිසුන් බිහිවීම, රොබෝ මිනිස් යුද්ධය, අඟහරු මත ජනාවාස ඉදිවීම වගේ දේවල් පිළිබඳවත් සිම්සන් අනාවැකි කියල තිබෙනවා. ඒ දේවලුත් අනිත් සිදුවීම් වගේම ඇත්තක් වෙයිද?                                                   

ඇත්තටම ඔවුන් මේක කරන්නෙ කොහොමද? බොහෝදෙනා විශ්වාස කරන විධිහට සැබෑවටම මොවුන් කාලතරණය කළ පිරිසක්ද? නැත්නම් මේක ඇත්තටම ගණිතමය න්‍යායකින් කරන දෙයක්ද? එහෙමත් නැත්නම් විද්‍යාඥයන් මත පළ කරන විධිහට කාටත් හොරා මොවුන්  “ක්වොන්ටම් කම්පියුටින්” තාක්ෂණය යටතේ අනාගතය බලන්න පුළුවන් පරිගණකයක්වත් නිර්මාණය කරලද?

නදීරා හ¾දුගල