අදානි ලොව දෙවැනි බලවතා වෙයි

0
26

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානි ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබේ. ලොව ධනවත්ම පුද්ගලයන් අතර තෙවැනි ස්ථානයට පැමිණි පළමු ආසියාතිකයා බවට පත්වීමෙන් සති කිහිපයකට පසු ඔහු මෙම ස්ථානයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ෆෝබේස් තත්‍ය කාලීන බිලියනපතියන්ගේ නවතම ශේ්‍රණිගත කිරීම් (Forbes real-time billionaire tracker) උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

ඒ අනුව ඔහු Amazonහි ප්‍රධානි ජෙෆ් බෙසොස් සහ Louis Vuittion බර්නාඩ් ආර්නෝල්ට් අභිභවා යමින් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදානිගේ ශුද්ධ වටිනාකම එක රැයකින් ඩොලර් බිලියන 4කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 154ක් දක්වා ඉහළ ගිය බවයි.

ටෙස්ලා නිර්මාතෘ ඊලෝන් මස්ක් ඩොලර් බිලියන 270කට වඩා වැඩි ධනයක් සමඟ තවමත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණේ සිටියි.

60 හැවිරිදි අදානි වරාය සහ භාණ්ඩ වෙළෙ¼දාමෙන් සිය ධනය ඉපැයූ අතර මේ වන විට ගල් අඟුරු කැණීම්, ආහාර පිසීම් සඳහා භාවිත කරන තෙල්වල සිට ගුවන්තොටුපොළ සහ මාධ්‍ය ආයතන ඇතුළු ඉන්දියාවේ දෙවැනි විශාලතම සමූහ ව්‍යාපාරයට උරුමකම් කියයි.

තාරක සම්මාන්