USAID ශ්‍රී ලංකාව සමග නව පස් අවුරුදු ගිවිසුමක් අත්සන් කරයි

0
212

අමෙරිකා එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර 5ක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 23කට අධික) ආධාර ලබාදෙන බව පවසයි.

USAID පරිපාලක සමන්තා පවර්ගේ පසුගිය දා සිදු කළ සංචාරය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ එක්සත් ජනෝද තානාපති ජූලි චංග් මේ බව අද (සැප්. 16) ප්‍රකාශ කළා ය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ග්‍රේබියෙල් ග්‍රෝ සහ මෙරට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අත්සන් කරන ලද සංවර්ධන අරමුණු සහය ගිවිසුම (DOAG) යටතේ මෙම ආධාර පිරිනමනු ලබන බව අමෙරිකා එක්සත් ජනපද කාර්යාලය පැවසීය.

මෙම අරමුදල් ප්‍රදානය පසුගිය සතියේ සමන්තා පවර් විසින් ප්‍රකාශයට කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 60කට අධික නව මානුෂීය සහ පොහොර ආධාරවලට අමතරව සපයා දෙන බව එම කාර්යාලය වැඩිදුරට ත් සඳහන් කළේ ය.