පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් ගොඩබෑම ඇරඹේ: අලුත් ම තත්ත්වය මෙන්න

0
192

නෞකා දෙකකින් මෙරටට ගෙනවිත් ඇති ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් සහ සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් ගොඩබෑමේ කටයුතු අද (සැප්. 16) ආරම්භ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, ඊට අමතරව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් ද ගොඩබෑම් කටයුතු දින 2කට පෙර ආරම්භ කර ඇති අතර එම කටයුතු හෙට (සැප්. 17) උදෑසන විට අවසන් කිරීමට නියමිත බව ය.

එමෙන් ම තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සඳහා ගෙවීම් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එහි ගොඩබෑම් කටයුතු සිදුකිරීමට නියමිත බව අමාත්‍යවරයා සිය පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.