ශ්‍රී ලංකාවටත් අත තැබූ ගෞතම් අදානි එක රැයින් ගිය උඩ

0
969

ආසියාවේ ධනවත් ම පුද්ගයා වන ගෞතම් අදානි ලොව ධනවත් ම පුද්ගලයින් අතර දෙවන ස්ථානයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොව ධනවත් ම පුද්ගලයින් අතර තෙවන ස්ථානයට පැමිණි පළමු ආසියාතිකයා බවට පත්වීමෙන් සති කිහිපයකට පසු ඔහු මෙම ස්ථානයට පත්ව ඇති බව ය.

ෆෝබ්ස් තත්‍ය කාලීන බිලියනපතියන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් (Forbes real-time billionaire tracker) උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

ඒ අනුව, ඔහු Amazonහි ප්‍රධානී ජෙෆ් බෙසොස් සහ Louis Vuittonහි බර්නාඩ් ආර්නෝල්ට් අභිබවා යමින් දෙවන ස්ථානයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදානිගේ ශුද්ධ වටිනාකම එක රැයකින් අමෙරිකානු ඩොලර් බිලියන 4කින් අමෙරිකානු ඩොලර් බිලියන 154ක් දක්වා ඉහළ ගිය බව ය.

ටෙස්ලා නිර්මාතෘ ඊලෝන් මස්ක් ඩොලර් බිලියන 270කට වඩා වැඩි ධනයක් සමග තවමත් ලොව ධනවත් ම පුද්ගලයා ලෙස පෙරමුණේ සිටියි.

60 හැවිරිදි අදානි, වරාය සහ භාණ්ඩ වෙළඳාමෙන් සිය ධනය ඉපැයූ අතර මේ වන විට ගල් අඟුරු කැණීම්, ආහාර පිසීම සඳහා භාවිත කරන තෙල්වල සිට ගුවන් තොටුපළවල් සහ මාධ්‍ය ආයතන ඇතුළු ඉන්දියාවේ දෙවන විශාලතම සමූහ ව්‍යාපාරයට උරුමකම් කියයි.