IMF ණය බර දැන් සිටම ජනතාව පිට පටවලා

0
270

මුහුද හත් ගව්වක් තබා අමුඩ ගසනවා වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන්න තියෙන තැන්පතුවක් වෙනුවෙන් දැන් සිටම ආණ්ඩුව  ජනතාවට බර පටවා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ‘මව්බිම’ට  පැවැසීය. ජාත්‍යන්තර අරමුදල යනු රටේ අර්බුදයට එකම විස¾දුම නොවන බවද  ඔහු සඳහන් කළේය.

“රට මුහුණ පා තිබෙන අර්බුදයට ප්‍රධාන විස¾දුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා ආණ්ඩුව  පෙන්නන්න යනවා. ණය ගෙවන්න තව ණය ගන්න එක විස¾දුමක් නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ කොන්දේසි ක්‍රියාත්මක කිරීම මත ජනතාවට  ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙනවා.

පහුගිය මාර්තු වොෂින්ටනයේදී නිකුත් කළ article 4 කියන වාර්තාව අනුව රටේ වැට් බද්ද 15%ක් වැඩි කළා. ඒ වගේම ආදායම් බදු තව වැඩි කරලා. රුපියල පාවෙන්න දෙන්න කිව්වා. බලශක්ති ක්‍ෂේත්‍රයේ යන වියදම් මිනිසුන්ගේ පිට පටවන්න ගත්තා. ඒ අනුව විදුලි, ජල බිල සියල්ල වැඩි වෙන්න ගත්තා.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් දැන් විකුණන්න පටන් ගෙන තියෙනවා. ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල ණය වෙන් කරන්නේ වසර හතරකට. වසර 4ටම ඩොලර් මිලියන 2,900යි වෙන්කර තියෙන්නෙ.  එකවරකට ඒ කියන්නෙ මාස හයකට ලැබෙන්නේ ඩොලර් මිලියන 360ක් පමණ. ඉතිරි ටික තැන්පතුවක් ආකාරයට තිබෙනවා. මේ ලැබෙන්න තියෙන තැන්පතුවට තමයි දැන් ඉඳලම ජනතාවට බදු පිට බදු ගහන්නේ” යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්