හොඳම රාජ්‍ය වෙබ් අඩවි සම්මානයක් හොරණ ප්‍රා. සභාවට

0
16

ශ්‍රී  ලංකාවේ විශිෂ්ටතම රාජ්‍ය වෙබ් අඩවි අතරට ප්‍රාදේශීය සභාවක වෙබ් අඩවියක් ප්‍රථම වතාවට තේරී පත්වීමේ ගෞරවය හිමිකර ගනිමින් හොරණ ප්‍රාදේශීය සභා වෙබ් අඩවිය මහත් උත්සවාකාරයෙන් කුසලතා සම්මානයට පාත්‍රවීම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පසුගියදා සිදුවිය.

වසරේ හොඳම වෙබ් අඩවිය තේරීම නිමිත්තෙන් LK Domain Registry (එල්.කේ. ඩොමේන් රෙජිස්ටි්‍ර) විසින් වාර්ෂිකව පවත්වනු ලබන බෙස්ට් වෙබ් එල්.කේ. (BestWeb.lk) තරගාවලියෙන් හොරණ ප්‍රාදේශීය සභාවට මෙම ජයග්‍රහණය හිමිවිණි.

හොරණ ප්‍රාදේශීය සභාවෙහිම සේවයේ නියුතු එරංග නිලූක පීරිස් මහතා විසින් තමන් සතු දැනුම ඇසුරින් ස්වේච්ඡාවෙන්ම මෙම ජයග්‍රාහි වෙබ් අඩවිය නිර්මාණය කර තිබීම මෙහි විශේෂත්වය වන අතර සේවා ආයතනයට තමන් විසින් හිමි කරදුන් ජයග්‍රහණය ලබාගැනීමට නිරන්තරයෙන් ශක්තියක් වූ සිය එකම පුතුද සමඟින් එරංග මහතා ‍වේදිකාවට පැමිණ සහතික පත්‍රය ලබාගැනීම මහත් සංවේදී දර්ශනයක් විය.

ඉංගිරිය _ එන්.පී. කහවල