සුපිරි ටෙනිස් ශූරයාට ඕස්ට්‍රේලියාව මෙවර අත වනයි

0
21

කොවිඩ් 19 වයිරස් ආසාදනය වෙනුවෙන් නිසි එන්නත්කරණය සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවට ඇතුල්වීම තහනමකට මුහුණදී සිටි නොවැක් ජොකොවික්ට එළැඹෙන වසරේදී ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව ඕස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ජොකොවික් ඉල්ලීමක් සිදු කළහොත් මීළඟ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා සහභාගි වීමට අවසර හිමිවනු ඇති බවයි. මෙහිදී වසර 3ක කාලයක් සඳහා පනවා ඇති සංචාරක තහනම යම් තරමක ලිහිල් කිරීමකට ලක්වනු ඇති බවද එහි වැඩිදුරටත් දක්වා තිබේ.

කෙසේ වෙතත් මෙම එන්නත්කරණ ගැටලුවම මුල්කරගනිමින් පසුගියදා නිමා වූ ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ද සහභාගි වීමේ අවස්ථාව ජොකැවික් වෙතින් ගිලිහී ගියේය.