විභාග ඉලක්ක ජය ගැනීමේ කලාව දැන ගන්න Knowledge Bank වෙත පිවිසෙන්න

0
30

වසර 30කට වැඩි කාලයක් උසස් පෙළ විභාගය, වෘත්තීය ගණකාධිකරණ විභාගය සහ බාහිර උපාධි පාඨමාලා සඳහා ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය සහ ව්‍යාපාර කළමනාකරණය වැනි විෂයයන් ඉගැන්වීමෙන් ලත් අත්දැකීම් හා පළපුරුද්ද පදනම් කරගෙන Knowledge Bank ආයතනය ආරම්භ කිරීමට ලැබීම මා ලැබූ විශාල ජයග්‍රහණයකි.

ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන සමයේ සිටම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනය මා තුළ තිබිණි. එය අද වන විට මල්පල ගැන්වී තිබෙන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, ප්‍රසිද්ධ දේශකවරුන්, ගුරු උපදේශකවරුන් සහ කොළඹ ජනප්‍රිය පාසල්වල අතිදක්‍ෂ ගුරුවරුන්ගේ මඟපෙන්වීම හා ඔවුන්ගේ ඍජු සහභාගිත්වය හේතුකොට ගෙනය. ඔවුන් සියල්ලන්ම ඉතා කෘතගුණ පූර්වකව සිහිපත් කිරීමටද මෙය අවස්ථාව කර ගනු කැමැත්තෙමි.

උක්ත සම්පත් දායකත්වය මුල් කරගෙන සිසු දරුවන් පාසලෙන් හා උපකාරක පන්තිවලින් ලබන දැනුම විභාග ඉලක්ක කරා යොමුකර ගත හැකි පරිද්දෙන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර නිර්මාණකරණය කිරීම ආරම්භ කරන ලද අතර  මුල සිටම ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා මවුපියන් විසින් දැක්වූ ස්තූති පූර්වක ඇගයීම අප ක්‍ෂේත්‍රයේ ඉහළින්ම ඔසවා තැබීමට ඉවහල් වූ බව සැලකළ යුතුමය.

ප්‍රධාන වශයෙන් 5 ශිෂ්‍යත්වය, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හා අ.පො.ස. (උසස් පෙළ) යන විභාග පදනම් කරගෙන අප විසින් සම්පාදනය කරන ලද ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල ඉතා ඉහළ ගුණත්වයකින් යුතුවීම තුළින් සිසුන්ගේ විභාග ඉලක්ක ජයගැනීමේ හැකියාවේ වර්ධනය ඔවුන් දැක්වූ පශ්චාත් ප්‍රතිචාරවලින් තහවුරු වූ අතර අප තව තවත් දිරිමත් වීමටද හේතුවිය.

මේ වන විට 3 ශේ්‍රණියේ සිට අ.පො.ස. (උසස් පෙළ) දක්වා සියලුම ශේ්‍රණිවලට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල සිංහල හා ඉංගී්‍රසි මාධ්‍යයෙන් සම්පාදනයේ දිවයිනේ ප්‍රමුඛයා ලෙස ඉහළින්ම කටයුතු කිරීමට හැකිවූ බව ඉතා සතුටින් ප්‍රකාශ කරමි. ඊට අමතරව උක්ත සියලුම ශේ්‍රණි සඳහා ශ්‍රී  ලංකාවේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මඟින් වාර්ෂිකව සම්පාදනය කරන විභාග පූර්ව ප්‍රශ්න පත්‍ර විස්තරාත්මක පිළිතුරු සහිතව සිසු දරු දැරියන්ට පහසුවෙන් ලබාගත හැකි වන පරිදි සකස් කිරීමෙන් සැලකිය යුතු අවශ්‍යතාවක් පිරිමැසෙනු ඇත.

මෙහිදී සිසු දරු දැරියන් වෙත විශේෂයෙන් සැලකළ යුතු කරුණක් ඇත. එනම් පාසලෙන් හා උපකාරක පන්තියෙන් ලබා ගන්නා දැනුම විභාග මට්ටමට සම්පිණ්ඩනය කර ගැනීමට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බෙහෙවින් උපකාරී වන අතර ඉදිරි විභාග සඳහා පෙර පුහුණුව ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීම තුළින් වර්ධනය කර ගත යුතුව ඇත.

අපගේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින් 5 ශිෂ්‍යත්වය, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස. (උසස් පෙළ) පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ විවරණ සහිත පිළිතුරු, ප්‍රශ්න පත්‍ර වෙන් වෙන්ව ලබාගත හැකිවන පරිදි කට්ටල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව සතුටින් දැනුම් දෙමි.

විශ්වාසනීයත්වයෙන් තවත් පියවරක් ඉදිරියට තබමින් සයිබර් අවකාශය තරණය කරන්න.

Knowledge Bank LMS

අපගේ නවතම වෙබ් අඩවිය වන

knowledgebankacademy.lk වෙත පිවිසෙන්න.

Knowledge Bank ආයතනය වන අප ප්‍රශ්න පත්‍ර කට්ටල සම්පාදනයේ ප්‍රමුඛතම ආයතනයක් වශයෙන් වසර 10ක් සපිරීම නිමිත්තෙන් කාලීන අවශ්‍යතාවක් වශයෙන් Online තාක්‍ෂණය ඔස්සේ දැයේ දරුවන්ට විභාග ඉලක්ක ජයගෙන ජීවිතය ජය ගැනීම සඳහා සයිබර් අවකාශයෙන් පල නෙළා ගැනීමට ඔබට ආරාධනා.

BMICH කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය

අපගේ සියලුම ප්‍රශ්න පත්‍ර කට්ටල සහ පොත් 20%ක වට්ටමක් යටතේ මිලදී ගැනීමට BMICH හිදී ශාලා අංක A-78, A-79, A-80, A-81, A-82වල අපගේ වෙළෙඳ කුටිය වෙත පිවිසෙන්න.