ලෝක කුසලානයට යන කොදෙව් පිලෙන් රසල් හැලෙයි

0
22

ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත්කර තිබූ අතර එහිදී තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ රසල් ඉන් ඉවත් කර තිබීම කැපීපෙනෙන සිදුවීමකි.

කෙසේ වෙතත් නිත්‍ය නායක නිකොලස් පූරන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්ව ඇත. එසේම කලකට පසුව එනම් පසුගිය විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව කොදෙව් සංචිතය වෙත එවින් ලුවිස් කැඳවා තිබේ.

ඇන්ඩෘ රසල්ට අමතරව දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන් ද මෙම සංචිතය වෙත එක් කර නොතිබීමද විශේෂත්වයකි. මෙම සංචිතයේ උප නායකත්වය රෝමන් පවෙල්ට පිරිනමා තිබිණි.

කොදෙව් සංචිතය – නිකොලස් පූරන් (නායක), රෝමන් පවෙල්, එවින් ලුවිස්, බේ‍රන්ඩන් කිං, කයිල් මයර්ස්, ඕඩියන් ස්මිත්, ජොන්සන් චාල්ස්, ශිම්රන් හිට්මයර්, ජේසන් හෝල්ඩර්, රේමන් රෙයිෆර්, ඔබෙඩ් මැකෝයි, අල්සාරි ජෝෂප්, ශෙල්ඩන් කොට්‍රෙල්, යනික් චාරියා