ලක්ෂ 3 දඩය ගෙවූ පසු සක්විති හා බිරිය නඩුවෙන් මුදාහැරීමට අධිකරණ නියෝග

0
17

නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී ඉකුත් දින නියම කරන ලද රුපියල් ලක්ෂ 3ක දඩ මුදල ගෙවූ පසු උපකාරක පන්ති ගුරුවරයකු වන සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර හා ඔහුගේ බිරිය වන කුමාරි අනුරාධිනී යන දෙදෙනා එම නඩුවෙන් මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (15දා) නියෝග කළේය.

විත්තිකරුවන් දෙදෙනා අධිකරණය මඟින් නියම කරන ලද දඩ මුදල් ගෙවීම සඳහා ඊයේ දින නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

ඉකුත් 2010 අගෝස්තු 6 වැනි දින හෝ ඊට ආසන්න දිනක වත්තලදී එලුමලෙ තංගවේළු නමැත්තා නමින් ඉන්දියාවේ බැංකු ආයතන කිහිපයක් විසින් නිකුත් කරන ලද ගෝල්ඩ් වීසා අන්තර්ජාතික ණය කාඩ්පත් කිහිපයක් හා අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර සන්තකයේ තබාගත් බවට ගොනුකරන ලද නඩුවේ විත්තිකරුවන් දෙදෙනා විසින් වරද පිළිගෙන ඒ අනුව මෙලෙස දඬුවම් හා දඩ මුදල් නියම කර තිබිණි.

හංසි නානායක්කාර