රවී වෙත්තසිංහ බස් නඩුවෙන් නි‍ෙදාස් කොට නිදහස්

0
7

වේරහැර ශ්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලයේ කළමනාකරු ලෙස සේවය කරමින් සාපරාධී විශ්වාසය කඩ කළැයි චෝදනා ලැබ සිටි රවී බුද්ධදාස වෙත්තසිංහ යන අය සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (15දා) නියෝග කළේය.

පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවද සඳහන් කරමින් විත්තිකරු සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කරන බවට විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

2002 පෙබරවාරි 12 සිට මැයි මස 08 අතර කාලය තුළදී වේරහැර ඉන්ජිනේරු සේවා සංගමයේ කළමනාකරු ලෙස ශ්‍රී  ලංගමය මඟින් පවතින පොකුරු බස් සමාගම් 8 වන කොළඹ මෙට්‍රෝ පොලිටන් බස් සමාගම, ගම්පහ බස් සමාගම, රුහුණු බස් සමාගම, කළුතර බස් සමාගම, රජරට බස් සමාගම, වයඹ බස් සමාගම, සබරගමු බස් සමාගම, වවුනියා බස් සමාගම්වලට රුපියල් 75,000,000 වටිනාකම් සහිත බස්රථ 143ක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.

හංසි නානායක්කාර