රත්නපුර සීවලී – පැල්මඩුල්ල ගන්කන්ද ‘රන්මිණි’ සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද සහ හෙට

0
25

රත්නපුර සීවලි මහා විදුහල සහ පැල්මඩුල්ල ගන්කන්ද මහා විදුහල අතර 11 වැනි වරට පැවැත්වෙන ‘රන්මිණි’ සටන මහා ක්‍රිකට් තරගය අද (16දා) සහ හෙට (17දා) රත්නපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය කාලයේ ශ්‍රී  ලංකාවේ පැවැති කොවිඩ් 19 වයිරස වසංගත තත්ත්වය හේතුවෙන් දෙවසරකින් පසුව මෙවර රන්මිණි සටන පැවැත්වීමට කටයුතු යොදා තිබීමද විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැති අතර එහිදී අදහස් දැක්වූ රත්නපුර සීවලි මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා කියා සිටියේ ශ්‍රී  ලංකාවේ සෙසු පාසල් සඳහා ආදර්ශයක් සපයන අයුරින් මෙම තරගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

එසේම මෙහිදී අදහස් දැක්වූ ගන්කන්ද විදුහලේ විදුහල්පති සුධීර ෆොන්සේකා කියා සිටියේ මෙම මහා ක්‍රිකට් තරගය වෙනුවෙන් රුපියල් මිලියන 1.5කට ආසන් බරපැනක් දැරීමට සිදුව ඇති බවයි. මෙම අවස්ථාව සඳහා දෙවිදුහල්වල ක්‍රිකට් නායකයන් වන තරිදු ගමගේ  සහ රවීන්ද්‍ර ශාන් ද සහභාගි වී තිබිණි.

සටහන සහ ඡායාරූපය – කේ.ඒ.එස්. පියතිලක – කුරුවිට