යූඑන්පීකාරයන් මැරූ අයටත් රනිල් ඇමැතිකම් පුදනවා

0
23

යූඇන්පීකාරයන් ඝාතනය කළ අයට පවා අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමැතිකම් පුදමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි. වත්මන් ජනපති රාජපක්ෂ පවුලේ ප්‍රාණ ඇපකරුවකු යැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. ජන අරගලයට පහරදී අගමැතිවරයා ඉවත් වූ බවත් ඔවුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවා මැතිවරණ සමයේදී පහරදීම් ප්‍රචණ්ඩත්වය දියත් කළ බවත් ඔහු අවධාරණය කළේය.

අම්පාර සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව එහි බල මණ්ඩල රැස්වීමක් අමතමින් හෙතෙම මෙසේ කීය. පොදු ජන අරගලයේ අරමුණ ජන ඝාතක, ජන පීඩක ආණ්ඩුව එළවා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම වුවත් අවසානයේ රටේ ආර්ථික ඝාතකයන් වූ පිරිසට ආවඩන, ඔවුන් ආරක්ෂා කළ හැකි පුද්ගලයකු ජනාධිපති පුටුවේ වාඩි කළ බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

නිර්මාණි ගුණරත්න