යාපනේදී තිලීපන් සමරයි

0
49

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයකු යැයි සැලකෙන තිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නමැත්තාගේ 35 වැනි ගුණ සැමරුම ඊයේ (15දා) යාපනය නල්ලූර් කෝවිල අසල දේශපාලන නියෝජිතයන් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

යාපනය නල්ලූර් කෝවිල පිටුපස පිහිටි තිලීපන්ගේ ස්මාරකය තිබූ ස්ථානයේ තිලීපන්ගේ ඡායාරූපයක් තබා දේශපාලන නියෝජිතයන් හා සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගිත්වයෙන් ගුණ සැමරුම ආරම්භ කෙරුණු අතර සැප්තැම්බර් 15 සිට 26 දක්වා කාලය තුළදී උතුරේ ස්ථාන කිහිපයක තිලීපන් සැමරුම් පැවැත්වීමට විවිධ පාර්ශ්ව මඟින් කටයුතු යොදා ඇත.

1987 සැප්තැම්බර් මස 15 වැනිදා තිලීපන් නොහොත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කෝවිල පිටුපස මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බව පවසමිනි.

උපවාසය අත් නොහළ තිලීපන් සැප්තැම්බර් 26 වැනිදා නිරාහාරව සිටීම නිසා මිය ගියේය. මිය වන විටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබාදී තිබිණි.  

මුලතිව් – ශෂි කුමාර්