මෙරටින් පිටුවහල් කිරීමට එරෙහිව බි්‍රතාන්‍ය ජාතික තරුණියගේ පෙත්සම ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉවත දමයි

0
14

ගාලුමුව‍ෙදාර අරගලයට එකතු වී කටයුතු කිරීම නිසා අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව බි්‍රතාන්‍ය ජාතික තරුණියක් වන කෙලී ෆ්‍රෙසර් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉවත දැමූ ශේ‍ර්ෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂයක (රු. 100,000)  නඩු ගාස්තුවක් ගෙවන ලෙස ඇයට නියම කළේය.

ඉහත නියෝගය සිදු කරන ලද්දේ බුවනෙක අලුවිහාරේ, එස්. ත්‍යාගරාජන් සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය විසිනි.

නීතිපතිවරයාගේ වාචිකය ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව විනිසුරු මඬුල්ල පෙත්සම විභාගය හෝ නොතබා නිෂ්්ප්‍රභ කරනු ලැබීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කර සිටියේ පෙත්සම්කාරිය ගරු අධිකරණය නොමඟ යවමින් මෙම පෙත්සම ගොනු කොට ඇති බවය. ඇය විසින් මෙම කරුණ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ‘රිට්’  පෙත්සමක් ගොනු කරනු ලැබූ බැව් වසන් කරමින් එය වසන් කරමින් දිව්රුම් ප්‍රකාශයක් දෙමින් අධිකරණය සහමුලින්ම මුළා කිරීමට ක්‍රියාකොට ඇති බවත්ය. ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු 08 දෙනකු වගඋත්තරකරුවන් කරමින් පෙත්සම ගොනු කොට තිබිණි.  

කමල් මහේන්ද්‍ර වීරරත්න