මාගල්කන්ද මුහුදේ නාන්න ගිය තිදෙනාගෙන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

0
8

බේරුවල, මාගල්කන්ද මුහුදේ දියනාමින් සිටියදී තරුණයන් දෙදෙනකු ඊයේ (15දා) දහවල් දියේ ගිලී මියගොස් ඇති අතර තවත් තරුණයකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ප්‍රභානු කෞෂල්‍ය සහ චලන දිල්ශාන් නමැති 20 හැවිරිදි ඥාති සොහොයුරන් දෙදෙනකු බවත් රෝහල් ගතකර ඇත්තේ බේරුවල මාගල්කන්දේ කුරුන්ද ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු බවත් සඳහන් වේ.

තරුණයන් තිදෙනා මුහුදේ දිය නාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ප්‍රථමයෙන් එක් තරුණයකු බේරාගෙන රෝහල් ගතකර තිබේ.

පසුව නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් කළ සෝදිසි මෙහෙයුමේදී අනෙක් තරුණයන් දෙදෙනාද සොයාගෙන ඇති අතර ඒ වනවිටත් ඔවුන් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

මියගොස් ඇති තරුණයන් දෙදෙනාගේ මෘත දේහයන් බේරුවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට යොමුකරන බව බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා කීය. බේරුවල ස්ථානාධිපති ප්‍රධාන පොලිස්ප රීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරේ.

පොතුපිටිය – සුමිත් රණවක