මහනුවර ත්‍රිත්ව – ගල්කිස්ස ශාන්ත තෝමස්  අවසන් පූර්ව තරගය ඉරිදා

0
13

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වන දෙවැනි අවසන් පූර්ව තරගය ඉරිදා (18) මග්ගොන සරේ ක්‍රිකට් පිටියේදී පැවැත්වේ.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ අනු ශූරයන් ලෙසින් දෙවැනි වටයට සුදුසුකම් ලද අතර, දෙවැනි වටයේදී කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය. තෙවැනි වටයේදී මොරටු විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය පැරදවූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් සපුරා ගත්තේය.

පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයන් ලෙසින් දෙවැනි වටයට සුදුසුකම් ලැබූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය දෙවැනි වටයේදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය. තෙවැනි වටයේදී වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය පරදවමින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ගාල්ල මහින්ද සහ මහනුවර ත්‍රිත්ව අතර වූ අර්ධ අවසන් පූර්ව තරගය අධික වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවිය නොහැකිව විසඳුමකින් තොරව අවසන් විය. තරග කොන්දේසි අනුව පෙර තරග වටය දක්වා මෙම කණ්ඩායම් දෙකෙන් වැඩිම සාමාන්‍ය ලකුණු උපයාගෙන සිටි මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

රජිදු තිලකරත්න ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, මලිත් රත්නායක මහනුවර ත්‍රිත්ව විද්‍යාල පිල මෙහෙයවනු ලබයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල සංචිතය: රජිදු තිලකරත්න (නායක), දිනෙත් ගුණවර්ධන, කවිඳු ඩයස්, සඳෙව් සොයිසා, අරිත් අධිකාරම්, ලිෂාන් ද සිල්වා, අවිනාෂ් ප්‍රනාන්දු, පණ්ඩුක අතපත්තු, ඩේරීන් ඩියෝගෝ, ෂෙනාල් ප්‍රනාන්දු, රමිත් එල්ලාවල, දෙවින් ජයසූරිය, නිමිත සේනාරත්න, විහඟ රොද්‍රිගෝ, සචිත්‍ර ගුණසිංහ, යසිඳු ගුණරත්න, අචන්ත රුමේන්, ඩී. බෝදියාබදුගේ (කණ්ඩායම් භාර ආචාර්ය), දිනේෂ් කුමාරසිංහ (ක්‍රිකට් අධ්‍යක්ෂ), ඩිල්ෂාන් මෙන්ඩිස් (පුහුණුකරු)

මහනුවර ත්‍රිත්ව විද්‍යාල සංචිතය: මලිත් රත්නායක (නායක), ජයවි ලියනගම, තිසුම් රත්නායක, කවීන් ගමගේ, ලක්වින් අබේසිංහ, තිසල් යාපා, ඕෂණ ලොකුගේ, කදේෂ් ඇන්ටන්, කවිඳු ජයරත්න, ආදම් හිල්මි, ස්වේත් අනුරජීව, දිමන්ත මහවිතාන, පුලිෂ තිලකරත්න, යතිල උදාර, වී. රවීන්ද්‍රන් (කණ්ඩායම් භාර ආචාර්ය), නවීන් ඒකනායක (ප්‍රධාන පුහුණුකරු)

ඉෂාන් රශ්මිත