බස්නාහිරට හා සබරගමුවට වැසි වාර කිහිපයක්

0
10

දිවයිනේ බස්නාහිර හා සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16දා) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

ඊට අමතරව උෟව සහ නැඟෙනහිර පළාත්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ. කි.මී. 40-45 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

චන්දන ලක්මාල්