පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසු දෙපිරිසක් ගුටි ඇනගෙන

0
10

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ දෙවැනි හා තෙවැනි වසර සිසු පිරිසකට එම දෙපාර්තමේන්තුවේම  සිසු පිරිසක් කළ බව කියන පහරදීමකින් තුවාල ලැබූ සිසුවියන් දෙදෙනකු හා සිසුන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පහරදීම පෙරේදා (14දා) පස්වරු 7.00ට පමණ කර තිබෙන බව පොලිසිය පවසයි. පහරදීමට ලක්ව ඇත්තේ නවක වදයට විරුද්ධ සිසු කණ්ඩායමක් බව පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. විශ්වවිද්‍යාලයේ ගෙම්බා ආපනශාලාව අසලදී මෙම පහරදීම කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙතද පැමිණිල්ලක් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පහරදීම කර තිබෙන්නේ නවක වදයට පක්ෂ තෙවැනි හා සිවුවැනි වසර සිසු පිරිසක් බව       විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි. නවක වද යට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ මත හේතුවෙන් ඇතිවූ විරසකයක් දුරදිග ගොස් මෙම පහරදීම කර තිබෙන බව දැනට කර තිබෙන පරීක්ෂණ මඟින් හෙළිව ඇත. පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මහනුවර – කේ.එල්. සුරවීර