තවත් ඩීසල්-පෙට්රල් නැව් දෙකක් එයි

0
146

මෙරට මුහුණ දෙන ඉන්ධන අර්බුදය මැද මෙරටට පැමිණ තිබූ ඩීසල් මෙටි්‍රක් ටොන් 37,000ක සහ පෙට්රල් මෙටි්‍රක් ටොන් 36,000ක නෞකා දෙකක ඉන්ධන තොග ගොඩබෑම සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතින බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. මේ වන විටත් ඩීසල් නෞකාව සඳහා සම්පූර්ණ මුදල ගෙවා ඇති බවත් පෙට්රල් නෞකාව සඳහා මුදල් අඩක් ගෙවා ඇති බවත් එම අමාත්‍යාංශ උසස් නිලධාරියෙකු ‘මව්බිම’ කළ විමසුමකදී පැවැසීය. ඩීසල් නෞකාවේ සාම්පල් පරීක්ෂාවෙන් පසු ඩීසල් තොග ගොඩබෑමට කටයුතු කරන බවද එම නිලධාරියා සඳහන් කළේය.

කෙසේ නමුත් මෙරටට නුදුරු මුහුදේ ඉකුත් 7 වැනිදා සිට තවත් ඩීසල් නෞකාවක් නැංගුරම්ලා ඇති  බවද එම නිලධාරියා පැවැසීය. තවද සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් මෙටි්‍රක්ටොන් ලක්ෂයකට ආසන්න තොගයක් සහිත නෞකාවක් ඉකුත් මාසයේ මැද සිට තවමත් නැංගුරම්ලා ඇති බවත් එම නෞකාවද කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

චාමර අමරසූරිය