ඩලස්ගේ තුනක් අපි ගාවට ආවා

0
282

ඩලස් පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් තිදෙනකු නැවත ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ හා එක්ව ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පැවැසීය. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාගේ පාර්ශ්වයේ තවත් මන්ත්‍රිවරුන් කිහිපදෙනකු පොදුජන පෙරමුණ හා එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බවද සාගර කාරියවසම් කීය.

නැවත ආණ්ඩු බලය ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විටත් සංවිධාන කටයුතු අරඹා ඇතැයිද ඊට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු නායකයන් විශාල කැපවීමක් කරන බවද සාගර කාරියවසම් පැවැසුවේය. ඩලස් අලහප්පෙරුම පාර්ශ්වයේ  මන්ත්‍රිවරුන් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරන ආකාරය සියලු දෙනාටම ඉදිරියේදී දැකගත හැකි යැයිද සාගර කාරියවසම් වැඩිදුරටත් පැවැසීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය