ජනමත විචාරණයකට මුවාවී ඡන්දය කල් දාන්න උත්සාහ කරනවා

0
16

ජනමත විචාරණයක් හා මැතිවරණ සංශෝධනයක් ගෙන එන බවට ඇති  කතාබහ ඔස්සේ මැතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින්නේ ද යන සැකය ඇති වෙතැයි පැෆරල් සංවිධානය පවසයි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය ඉතා හොඳ කටයුත්තක් වුවත් එකී සංශෝධනය පිළිබඳ පැහැදිලිව යෝජනාවක් රට හමුවේ තබා නැතැයි  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ‘මව්බිම’ට පැවැසීය.

එවැනි කෙටුම්පතක් හෝ මේ වන තුරු සකසා නැති බවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ අය පමණක් අස්සන් කර ඇති බවත් කී හෙට්ටිආරච්චි මහතා, විපක්ෂ දේශපාලන පක්ෂ කිසිවක් එයට අස්සන් කර නැති බවද සඳහන් කළේය.

මැතිවරණ ක්‍රමය ගැන නිශ්චිත අදහසක් පළ වී නැතැයි කී ඔහු පළාත් පාලන මැතිවරණ කල් දැමීමට ලක්ව ඇති අතර ඊට අදාළ සංශෝධන යෝජනා ගැන සාකච්ඡාවට බ¾දුන් වීමේ හේතුවෙන් තවදුරටත් පළාත් පාලන ඡන්දය කල් දැමීමේ තත්ත්වයක් මතුව ඇතැයි ද කීය.

පසුගිය රජයෙන් පළාත් පාලන ඡන්ද  ක්‍රමයට ගෙන ආ සංශෝධන යෝජනාවන්වලට මේ වන විට වසර හතරක් එම මැතිවරණය කල් දමා ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතු බව සැබෑ නමුත් ඊට පියවර ගත යුත්තේ මැතිවරණ  කල් දැමීමේ උපක්‍රමයක් ලෙස නොවන බවද ඔහු සඳහන් කළේය.

විනීතා එම්. ගමගේ