ගුවන් හමුදා පරිශ්‍රයේ ආයුර්වේද සායනයක්

0
19

ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය ආයුර්වේද සායනයක් ගුවන් හමුදා කොළඹ කඳවුරේදී ආරම්භ කොට ඇත. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එල්.ආර්. ජයවීර මහතාගේ උපදෙස් පරිදි කොළඹ ශ්‍රී  ලංකා ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරි ගෘෘප් කපිතාන් පී.ඒ.වී. පද්මපෙරුම මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම සායනය ආරම්භ කරන ලදී.

දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරම්භ කළ මෙම ආයුර්වේද සායනය මඟින් ගුවන් හමුදා සේවා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙන්ම විශ්‍රාමික ගුවන් හමුදා පුද්ගලයන් සඳහාද ආයුර්වේද ඔෟෂධ ලබාදෙනු ඇත. මෙම ආයුර්වේද සායනය රාජගිරිය ආයුර්වේද රෝහල සමඟ ඒකාබද්ධව සෑම මසකට බ්‍රහස්පතින්දා දිනයන්හිදී කොළඹ ගුවන් හමුදා කඳවුරු රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.  

චාමර අමරසූරිය