අරගලකරුවන් මර්දනයෙන් ලංකාවට අවාසියක්

0
9

අරගලයේ යෙදුණු ශිෂ්‍ය ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කර අත්අඩංගුවට ගත් නිසා ශ්‍රී  ලංකා රජයට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණදීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි පැවැසුවේය.

අරගලයේ යෙදුණු ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ත්‍රස්තවාදීන් නොවන බවත් ඔවුන් ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගැනීම ඉතා වැරදි සහගත ක්‍රියාවක් බවද චන්දිම වීරක්කොඩි කීවේය.

මෙවැනි සිද්ධිවලට ක්‍රියා කරන වෙනම නීති රටෙහි ස්ථාපිතව ඇතැයිද එසේ කටයුතු කළානම් මෙවැනි අනවශ්‍ය ප්‍රශ්නවලට ශ්‍රී  ලංකා රජයට මුහුණදීමට සිදුනොවන බවද චන්දිම වීරක්කොඩි මන්ත්‍රිවරයා පැවැසීය.

රට බරපතළ ආර්ථික අර්බුදවලට මුහුණ පා ඇති අවස්ථාවක මෙවැනි අන්තර්ජාතික ගැටලු ඇති කරගැනීමට දැනුම් තේරුම් ඇති නායකයකු ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු නොකළ යුතු බවද වීරක්කොඩි මන්ත්‍රිවරයා කීය. ඊයේ (15දා) කොළඹ පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය