අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී  ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයට සම්මානයක්

0
22

රුසියාවේ 18 වැනි කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් සම නිෂ්පාදන කර ඇති ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයට සම්මාන හිමි විය.

මෙම සම්මාන උළෙලේදී කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල හොඳම නළුවාට හිමි සම සම්මානය දිනාගෙන තිබිණි.

ඔවුන් දෙදෙනා මෙම චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරුන් ලෙස සහ තිර රචනයෙන් ද දායක වී තිබිණි.

අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙම සම්මානයද රැගෙන ඊයේ (15දා) උදෑසන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 650 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

මොවුන් පිළිගැනීම සඳහා කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, මෙම චිත්‍රපටයේ සම

නිෂ්පාදකවරුන් වන එච්.ඩී. ප්‍රේමසිරි, රවීන්ද්‍ර ගුරුගේ, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක _ ටී.කේ.ජී. කපිල