මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් මරුට: තවත් අයෙක් රෝහලේ

0
344

අද (සැප්. 15) දහවල් බේරුවල පොලිස් වසමේ මාගල්කන්ද ප්‍රදේශයේ මුහුදු තීරයේ දිය නෑමට කියා තරුණයින් තිදෙනෙකු රළ පහරකට හසු වී ගසා ගෙන ගොස් ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඉන් එක් තරුණයෙකු පොලිසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව ගොඩට ගෙන කළුතර නාගොඩ රෝහල වෙත ගෙන ගොස් ඇති බව ය.

මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ, වයස අවුරුදු 17, 18 හා 19 වයස්වල පසුවන මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර බේරුවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය.