ජනපතිගේ නිවසට හානි කළ සැකකරුවන් සොයන්න පොලිසිය සහය පතයි (PHOTOS)

0
101

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

ජූලි 9 වන දා ඇති වූ කලහකාරී හා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී කලහකාරී පිරිස් විසින් එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට රාත්‍රී කාලයේ අයුතු ලෙස ඇතුළු වී පහර දී, ගින්නෙන් හානි කර, දේපළ විනාශ කර තිබුණු බව පොලිසිය පැවසීය.

ඒ අනුව, එම සිදුවීමට අදාළව ලබාගත් සමීප අවේක්ෂණ දර්ශන හා විමර්ශනයට අදාළව ලබා ගත් වීඩියෝ දර්ශන අසුරෙන් මෙම හානි සිදු කිරීම සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනා ගත් පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වී ඇත.

පොලිසිය සඳහන් කළේ, මෙහි පළ කර ඇති සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් WhatsApp මගින් හෝ ඇමතුම් මගින් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.

071 859 4913 / 011 244 9358 / 011 201 3883