පෑලියගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට: වැඩිදුර තොරතුරු

0
368

පෑලියගොඩ, දුම්රියපොළ පාර, ගුරුකුල විද්‍යාලය අසලදී ඊයේ (සැප්. 14) රාත්‍රී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, මෙම වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් දෙදෙනෙකු පැමිණ ඇති බව ය.

වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට ත් එම අවස්ථාවේදී මිය ගිය පුද්ගලයා පයින් ගමන් කර ඇති බවට ත් සැකකරන බව පොලිසිය පැවසීය.

වැඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

සිද්ධිය වූ ස්ථානයේ මිලිමීටර් 9 වර්ගයේ හිස් පතුරම් 1ක් සහ සජීවී පතුරම් එකක් පොලිසිය සොයාගෙන තිබේ.

වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් අනාවරණ කර ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.