අඹේවෙල මිල්කෝ සමාගමේ මහා පරිමාණ ඩීසල් වංචාවක්

0
400

මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩීසල් වංචාවක් සිදුව ඇතැයි එහි සභාපති රේණුක පෙරේරා පැවසීය.

2021 වසරේ සිට මෙම වංචාව සිදුව ඇති බවත් එම කම්හල සතු ඉන්ධන ලීටර් 45,000කට අධික ප්‍රමාණයක් පෞද්ගලික ඉන්ධනහල්වලට විකුණා ඇතැයි මේ වනවිට හෙළි වී ඇතැයි ද සභාපතිවරයා කිය.

මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇත ත්, මෙම වංචාවට සම්බන්ධ දැනට චෝදනා එල්ල වී ඇති සියලු සේවකයන් විමර්ශන අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගන්නා බව ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයාට මේ සම්බන්ධව දැනුම් දෙමින් ඊයේ (සැප්. 14) ප්‍රකාශ කළේ ය.

මෙම ඉන්ධන වංචාව මෙම වර්ෂය තුළදීත් සිදුවූයේ ද යන්න සම්බන්ධව පුළුල් විමර්ශනයකින් සොයා බලන්නැයි අමාත්‍යවරයා එහිදී සභාපතිවරයාට උපදෙස් දුන්නේ ය.