රේල් පාරේ ගිය මෝටර් රථය: රියැදුරු මරුට (PHOTOS)

0
539

ගම්පහ, යාගොඩ දුම්රිය හරස් මාර්ගයේදී නුවර – කොළඹ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටී අනතුරක් සිදු වී තිබේ.

ගනේමුල්ල පොලිසිය සඳහන් කළේ, දුම්රිය ගේට්ටු වසා තිබියදී අදාළ මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා පදවා ඇති බව ය.

එම අනතුරින් මෝටර් රථයේ රියැදුරු මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.

එලෙස මිය ගොස් ඇත්තේ, 41 හැවිරිදි ගම්පහ, ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

දුම්රියේ ගැටුණු මෝටර් රථය යාගොඩ දුම්රිය ස්ථානය තුළට දුම්රියත් සමග ඇදී පැමිණ අතර එය යාගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය ත් වේදිකාව ත් අතර සිර වී ඇති අයුරු දැකගත හැකි විය.

පොලිසිය සඳහන් කළේ, දුම්රිය හරස් මාර්ගය, යාගොඩ දුම්රිය ස්ථානය අසල ම පිහිටා ඇති බව ය.

අනතුරින් මෝටර් රථයට අලාභ හානි සිදු වී ඇති අතර අපරික්ෂාකාරී ලෙස මෝටර් රථය දුම්රිය මාර්ගයට ඇතුළු කිරීම හේතුවෙන් මෙම අනතුරුව සිදු වී ඇතැයි පොලිසිය පැවසීය.

ඒ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ පහළ දුම්රියන්වල යම් ප්‍රමාද වීමක් සිදුව වුව ද මේ වන විට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇත.