පුත්තලම මුහුදේ ගංජා ජාවාරම් කළ විදෙස් ජාතිකයින් 5ක් හා ලාංකිකයින් 5ක් කොටුවෙති

0
127

පුත්තලම් මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සමග විදෙස් ජාතිකයින් පස් දෙනෙකු සහ එය භාර ගැනීම සඳහා එම යාත්‍රාව වෙත ගමන් කළ ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ශ්‍රී ලාංකිකයින් පස් දෙනා ගමන් කළ යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව ය.

ශ්‍රී ලංකා නාවික හමුදාව කේරළ ගංජා කිලෝග්‍රෑම් 395ක් සහ ග්‍රෑම් 446ක් භාරයට ගෙන එය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් විදේශිකයින් ඉන්දීය ජාතිකයින් බවට සැක කෙරෙන අතර අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් වයස අවුරදු 26ත් 66ත් අතර වයස්වල පසුවන මොරටුව සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවවෝ වෙති.

මේ සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සිදු කරයි.